Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල කඩුලු 3 ට 287 යි
ජාතික සුපර් ලීග් තරගාවලිය

දඹුල්ල කඩුලු 3 ට 287 යි

editorial - 2024 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පිතිකරුවන්ට පාරාදීසයක් වූ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ක්‍රීඩකයෝ එහි උපරිම ප්‍රයෝජන ලබාගනිමින් පල්ලෙකැළේදී අද (25 වැනිදා) ආරම්භ වූ ජාතික සුපිරි ලීග් තරගයේදී කොළඹ පිලට එරෙහිව සාර්ථක ලකුණු රැස්කිරීමක නිරත වූහ. තරගයේ පළමු දිනය නිමා වන විට දඹුල්ල ක්‍රීඩකයෝ සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියහ. 

ආරම්භක පිතිකරුවා මෙන්ම කඩුලු රකින්නා ද වන මිනෝද් භානුක තුන්වැනි ඕවරයේදීම දැවී ගියේය. එහෙත් කමිඳු මෙන්ඩිස් (115) සමගින් එක්වූ ලියෝ ෆ්‍රැන්සිස්කෝ (87) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 194 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හෙයින් කාසියේ වාසියෙන් පසු ලබාගත් තීරණයේ ප්‍රතිඵල දඹුල්ල පිලට අත්කරගත හැකිවිය. 

පන්දු 164 කින් 15 ක් ම හතරේ සීමාවෙන් එපිටට යැවූ කමිඳු මෙන්ඩිස් ලකුණු 227 දී දැවී යන විට ඇන්ජලෝ මැතිව්ස් ලබා සිටියේ ලකුණු 19 කි. එතැන් සිට පවන් රත්නායකට එක්වූ හිටපු ශ්‍රී ලංකා නායකයා තරමක් සෙමෙන් නමුත් ස්ථාවර පිතිහරඹයක නිරත විය. දිනය අවසානයේදී රත්නායක සහ මැතිව්ස් අතර පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 60 කි. 


දඹුල්ල පළමු ඉනිම - කඩුලු 3 ට 287 යි
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 47, පවන් රත්නායක නොදැවී 31)


අදහස් (0)

දඹුල්ල කඩුලු 3 ට 287 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.