Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල - කොළඹ තරගයේදී ශතක 5 ක්
ජාතික සුපිරි ලීගය

දඹුල්ල - කොළඹ තරගයේදී ශතක 5 ක්

editorial - 2024 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගයේදී ශතක 5 ක් ලබාගැනීමට දෙපිලේ පිතිකරුවෝ සමත් වූහ. 

සිවුවැනි දිනය වූ ඊයේ (28 වැනිදා) තරගය නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි දඹුල්ල ක්‍රීඩකයෝ, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 210 ක් ලබා සිටියහ. අගනා පිතිහරඹයක නිරත වූ සොනාල් දිනූෂ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 100 ක් ලබා ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 530 ක් ලබාගත් අතර එහිදී නායක කමිඳු මෙන්ඩිස් (115), ඇන්ජලෝ මැතිව්ස් (146) සහ පවන් රත්නායක (130) ශතක ලබාගත්හ. ආරම්භක පිතිකරු ලියෝ ෆැන්සිස්කෝ (87) අර්ධ ශතකයක් ලබමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ පිතිකරුවෝ ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වෙමින් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 445 ක් ලබාගත්හ. කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දිමුත් කරුණාරත්න ලකුණු 161 ක් රැස්කිරීමට සමත් වූයේ හතරේ පහර 15 ක් සමගිනි. නායක කුසල් මෙන්ඩිස් හතරේ පහර 12 ක් සමගින් ලකුණු 80 ක් රැස්කළේය.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 530 
(ලියෝ ෆැන්සිස්කෝ 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් 146, පවන් රත්නායක 130, ඉසිත විජේසුන්දර 69/3, ලක්ෂිත මනසිංහ 129/3, ප්‍රභාත් ජයසූරිය 103/2) 

කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 445 
(දිමුත් කරුණාරත්න 161, ෂෙවොන් ඩැනියෙල් 23, කුසල් මෙන්ඩිස් 80, නුවනිඳු ප්‍රනාන්දු 39, පැතුම් කුමාර 39, ප්‍රභාත් ජයසූරිය 21, ඉසිත විජේසුන්දර 21, කසුන් රාජිත නොදැවී 19, අකිල ධනංජය 159/3, විෂ්ව ප්‍රනාන්දු 80/2, අසිත ප්‍රනාන්දු 90/2) 

දඹුල්ල දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 210 
(සොනාල් දිනූෂ නොදැවී 100, අකිල ධනංජය 20, ලක්ෂාන් සඳකැන් 26, කසුන් රාජිත 29/3, ප්‍රභාත් ජයසූරිය 39/3) 


අදහස් (0)

දඹුල්ල - කොළඹ තරගයේදී ශතක 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.