Last Update  :  2025-07-22 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දම් තොප්පිය වනිඳුගේ අත පොවන මානයේ
අයි.පී.එල්. - 2022

දම් තොප්පිය වනිඳුගේ අත පොවන මානයේ

editorial - 2022 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරන වනිඳු හසරංග මෙවර අයි.පී.එල්. තරගාවලියේදී දෙවැනි වරටත් වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් දම් පැහැති හිස්වැසුම අත පොවන මානයේ සිටී. ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (19 වැනිදා) මුම්බායිහිදී පැවැති තරගයේදී ලකුණු 25 කට කඩුල්ලක් දවාගනිමින් වනිඳු දෙවැනි වරටත් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට පැමිණියේය. මේ දක්වා තරග 14 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 24 කි. 

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන යුස්වේන්ද්‍ර චාහල්ද කඩුලු 24 ක් දවාගෙන ඇති නමුත් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය අනුව ඔහු වනිඳුට වඩා පසුපසින් සිටියි. කෙසේ වුවත් රාජස්ථාන් කණ්ඩායමට මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව ඇති බැවින් එහිදී වනිඳු පසුකර යෑමට චාහල්ට අවස්ථාව තිබේ. 

තරගාවලිය නිමාවීමට තවත් මූලික වටයේ තරග 3 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ඇති බැවින් මෙවර දම් පැහැති හිස්වැසුමේ හිමිකරුවා කවුදැයි යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය. කෙසේ වුවත් කඩුලු 20 වැඩියෙන් දවාගෙන සිටින ක්‍රීඩකයන් 5 දෙනාටම මෙවර දම් පැහැති හිස්වැසුම තමන් සතුකර ගැනීම සඳහා වැඩි ඉඩක් පවතී. 

මින් පෙර පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලින්හිදී දම් පැහැති හිස්වැසුම දිනාගෙන ඇති එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංගය. 2011 වසරේදී කඩුලු 28 ක් දවාගනිමින් ඔහු එම හිස්වැසුමට හිමිකම් කීය. ඩ්වේන් බ්‍රාවෝ (2013 සහ 2015) සහ බුවනේෂ් කුමාර් (2016 සහ 2017) දෙවර බැගින් එම හිස් වැසුම දිනාගෙන ඇත. 

2022 අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියෝ
24 - වනිඳු හසරංග (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
24 - යුෂ්වේන්ද්‍ර චාහල් (රාජස්ථාන් රෝයල්ස්)
22 - කගීසෝ රබාඩා (පන්ජාබ් කිංග්ස්) 
21 - උම්රාන් මලික් (සන්රයිසස් හයිද්‍රාබාද්)
20  - කුල්දීප් යාදව් (දිල්ලි කැපිටල්ස්) 

 


අදහස් (0)

දම් තොප්පිය වනිඳුගේ අත පොවන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.