Last Update  :  2024-05-13 18:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු ආසියානු රට හරහා දිවීමට ශ්‍රී ලංකාවෙන් 6 දෙනෙක්

දකුණු ආසියානු රට හරහා දිවීමට ශ්‍රී ලංකාවෙන් 6 දෙනෙක්

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)
දකුණු ආසියානු තේරීම් රට හරහා දිවීමේ (පිරිමි) තරග මාලාවේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ඉසව්හි තෙවැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයන් හය දෙනකු ලබන මාර්තු  3 වැනිදා පාකිස්ථානයේ ලාහෝර් නුවරදී පැවැත්වෙන 2024 දකුණු ආසියානු රට හරහා දිවීමේ (පිරිමි) තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට සමත්ව සිටිති.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රිතව පැවැති මෙම රට හරහා දිවීමේ (පිරිමි) තරගාවලිය ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලදී. එය දකුණු ආසියානු තේරීම් තරගාවලිය ලෙස යොදා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු කළ අතර, ඒ අනුව මෙම ක්‍රීඩකයන් හය දෙනා මීළඟ දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට නිර්දේශ ලබා සිටිති.

ලාහෝර් දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට නිර්දේශ ලබා ගනිමින් ලංකා ලයන්ස් රට හරහා දිවීමේ (පිරිමි) තරගයේ ජයග්‍රාහකයෝ
ජ්‍යෙෂ්ඨ තරගය – (පිරිමි - කිලෝ මීටර් 10) 
1. වී. වැක්ෂාන්  (යුද හමුදාව – විනාඩි 32.11)
2. ආර්.ඒ. හේමන්ත කුමාර (පොලිස් - 32.20) 
3. ඩබ්.එම්.එන්.ජී. අබේරත්න (යුද හමුදාව – 32.27)

කනිෂ්ඨ තරගය (පිරිමි - කිලෝ මීටර් 8) 
1. ළහිරු අචින්ත (රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල – විනාඩි 27.53)
2. ඩබ්.එච්.කේ. මධුෂාන් (කඩුවෙල ජාතික පාසල – 27.54) 
3. ආර්. විදුෂාන් (දිගන රාජාවෙල හින්දු විදුහල – 28.26)


අදහස් (0)

දකුණු ආසියානු රට හරහා දිවීමට ශ්‍රී ලංකාවෙන් 6 දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.