Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප‍්‍රිකාව ලකුණු 229 කට සීමා වෙයි
ජෙහැන්නස්බර්ග් ටෙස්ට් තරගය

දකුණු අප‍්‍රිකාව ලකුණු 229 කට සීමා වෙයි

editorial - 2022 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශර්දුල් ඨාකූර්ගේ (61/7) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ජෙහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4 වැනිදා) සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාවට සියලූදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 229 ක් පමණි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 27 ක් ඉදිරියෙන් සිටීමට දකුණු අප‍්‍රිකාවට හැකි විය.

කීගන් පීටර්සන් (62) සහ ටෙම්බා බවුමා (51) අර්ධ ශතක ලබා ගැනීමට සමත්වුවද ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ලකුණු අතරට ඒමට සෙසු පිතිකරුවන්ට අවස්ථාවක් හිමිනොවූහ. ඞීන් එල්ගා ලකුණු 28 ක් ද, කයිල් වේරියන්, මාර්කෝ ජැන්සන් සහ කේෂව් මහරාජ් ලකුණු 21 බැගින් ද රැස්කිරීමට සමත්වූහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ ශර්දුල් ඨාකූර් ලකුණු 61 කට කඩුලූ 7 ක් දවාගනිමින් දකුණු අප‍්‍රිකානු ඉනිම අඩපණ කිරීමට සමත්වූ අතර මොහොමඞ් ශාමී ලකුණු 52 කට කඩුලූ 2 ක් සහ ජස්ප‍්‍රීට් බුම්රා ලකුණු 49 කට කඩුල්ලක් දවාගැනීමට සමත්වූහ.

පළමු දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප‍්‍රිකාව ලකුණු 35 කට කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය.


ඉන්දීය පළමු ඉනිම - සියලූදෙනා දැවී 202
(ලෝකේෂ් රාහුල් 50, මයන්ක් අගර්වාල් 26, හනුමා විහාරී 20, රවිචන්ද්‍රන් අශ්වින් 46, මාර්කෝ ජැන්සන් 31/4, ඩුඈන් ඔලිවර් 64/3, කගිසෝ රබාඩා 64/3)

දකුණු අප‍්‍රිකානු පළමු ඉනිම - සියලූදෙනා දැවී 229
(ඞීන් එල්ගා 28, කීගන් පීටර්සන් 62, ටෙම්බා බවුමා 51, කයිල් වේරියන් 21, මාර්කෝ ජැන්සන් 21, කේෂව් මහරාජ් 21, ශර්දුල් ඨාකූර් 61/7, මොහොමඞ් ශාමී 52/2)

 

- 2079


අදහස් (0)

දකුණු අප‍්‍රිකාව ලකුණු 229 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.