Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ලෝක කුසලාන (2022) කි‍්‍රකට් තරගාවලියේ හැමිල්ටන්හි සෙඩෝන් උද්‍යාන කී‍්‍රඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලූ 2 ක ජයක් වාර්තා කිරීමට දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩිකාවෝ සමත් වූහ. මෙවර තරගාවලියේදී දකුණු අපි‍්‍රකානු කාන්තා කණ්ඩායම පිට පිටම ලැබූ සිවුවැනි ජයග‍්‍රහණය මෙයයි.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩිකාවෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පන්දු 35 කට මුහුණදුන් මැරිසේන් කේප් හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියාය.
මෙවර තරගාවලියේදී පිට පිටම තෙවැනි වරටත් අර්ධ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකාරිණී ලෝරා වුල්වාර්ඞ්ට්, දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 94 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 67 ක් රැුස්කරමින් ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැම්මාය. නායිකා සුනී ලූස් (51) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 108 කදී ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලෝරා සමත් වූවාය. පන්දු 73 කදී වාර්තා වූ ලූස්ගේ අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕවර 47.5 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 228 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී සොෆී ඬේවින් පන්දු 101 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 93 ක් රැස්කළාය.
ඇමීලියා කේර්ගේ (42) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඬේවින් ඉන් නොනැවතී මැඞී ග‍්‍රීන් (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 96 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවාය. පන්දු 58 කදී වාර්තා වූ ඇමීලියාගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.
දකුණු අපි‍්‍රකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශබ්නිම් ඉස්මයිල් සහ අයබොන්ගා ඛාකා කඩුලූ 3 බැගින් බිඳහෙළීමට සමත් වූ අතර නවසීලන්ත පිතිකාරිණියන් පීඩනයට පත්කිරීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් මැරිසේන් කේප් ලකුණු 44 කට කඩුලූ 2 ක් දවාගත්තාය.
නවසීලන්ත කාන්තා පිල - ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 228
(සොෆී ඬේවින් 93, ඇමීලියා කේර් 42, මැඞී ගී‍්‍රන් 30, බෘක් හැලිඬේ 24, ශබ්නිම් ඉස්මයිල් 27/3, අයබොන්ගා ඛාකා 31/3, මැරිසේන් කේප් 44/2)
දකුණු අපි‍්‍රකානු කාන්තා පිල - ඕවර 49.3 කදී කඩුලූ කඩුලූ 8 ක් දැවී 229
(ලිසෙල් ලී 17, ලෝරා වුල්වාර්ඞ්ට් 67, ටස්මින් බි‍්‍රට්ස් 18, සුනී ලූස් 51, මැරිසේන් කේප් නොදැවී 34, ඇමීලියා කේර් 50/3, ෆ‍්‍රැන්සස් මැකේ 49/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.