Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාවට ලකුණු 134 ක ඉලක්කයක්
ඉන්දියා - දකුණු අප්‍රිකා තරගය

දකුණු අප්‍රිකාවට ලකුණු 134 ක ඉලක්කයක්

editorial - 2022 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 133 ක් ලබාගත්තේය.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය පිතිකරුවෝ 6 දෙනෙක්ම ලකුණු 10 කටත් අඩුවෙන් දැවී ගියහ. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් සූර්යකුමාර් යාදව් පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කිරීමට සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලුංගි න්ගිඩි ලකුණු 29 කට කඩුලු 4 ක් දවාගත් අතර ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් වේන් පනේල් කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමිනි. ඊට නිලකුණු ඕවරයක්ද ඇතුළත් විය.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 133
(රෝහිත් ශර්මා 15, සූර්යකුමාර් යාදව් 68, ලුංගි න්ගිඩි 29/4, වේන් පනේල් 15/3)

-036


අදහස් (0)

දකුණු අප්‍රිකාවට ලකුණු 134 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.