Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ වසර 90 ක අපරාජිත වාර්තාව රැකගනිති
ක්‍රයිස්චර්ච් ටෙස්ට් තරගය

දකුණු අප්‍රිකානුවෝ වසර 90 ක අපරාජිත වාර්තාව රැකගනිති

editorial - 2022 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පළමු ටෙස්ට් තරගයේදී ලද පරාජයෙන් පසුව ධෛර්යවත් නැඟීසිටීමක් පෙන්නුම් කළ දකුණු අප්‍රිකානුවෝ හැග්ලි ඕවල් පිටියේදී අද (01 වැනිදා) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 198 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය සම කළහ. තරග දෙකකින් සමන්විත පළමු තරගයේදී නවසීලන්ත පිල ඉනිමකින් ජයග්‍රහණය කළේය. 

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර, හැග්ලි ඕවල් පිටියේදී පැවැති තරගයේ ජය සාමාන්‍ය සිදුවීමක් ලෙසින් බොහෝ දෙනාට පෙනීයා හැකිය. එහෙත් සංඛ්‍යාත්මක දත්ත විශ්ලේශනයේදී පෙනී යන්නේ එය වසර 90 ක කාලයක් පුරා දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් පවත්වාගෙන යනු ලබන අද්වීතීය වාර්තාවක් එලෙසින්ම පවත්වාගැනීමක් බවයි. 

ටෙස්ට් පිටියේ වත්මන් ලෝක ශුරයන් වන්නේ නවසීලන්තයයි. එහෙත් වසර 90 ක කාලයක් පුරාම දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියකදී (නවසීලන්තයේදී හෝ දකුණු අප්‍රිකාවේදී) පරාජය කිරීමට නවසීලන්තය මෙතෙක් සමත්වී නැත. 

දෙරට අතර ටෙස්ට් තරග ආරම්භ වී ඇත්තේ 1932 දීය. වසර 90 ක කාලයක් තිස්සේ තරගාවලි 17 ක් පැවැත්වී ඇති අතර ඒවායින් 13 ක් දකුණු අප්‍රිකානුවන් විසින් ජයගනු ලැබ ඇත. තවත් තරගාවලි 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. 

තරග 2 කින් සමන්විත වූ 2022 තරගාවලිය ආරම්භයේදීම නවසීලන්තයට වැඩි වාසි නොතිබිණ. එහෙත් කිසිවකු අපේක්‍ෂා නොකළ ලෙසින් ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැති පළමු තරගයේදී ඉනිමකින් සහ ලකුණු 276 ක දැවැන්ත ජයක් ලැබීමට නවසීලන්තයට හැකිවිය. ඒ සමගම වසර 90 ක් පැරණි, දකුණු අප්‍රිකානුවන්ගේ අපරාජිත වාර්තාව අවදානමට ලක්විය. 

කෙසේ වෙතත් දෙවැනි තරගයේදී වික්‍රමාන්විත සටනක නිරත වූ දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජයගැනීමට නවසීලන්තය තැබූ බලාපොරොත්තු සීසීකඩ විසුරුවාලූහ. 

පළමු ඉනිමේදී ලකුණු 364 ක් ලබාගත් නමුත් දකුණු අප්‍රිකානුවන්ට ලැබුණේ ලකුණු 71 ක මුල් ඉනිමේ වාසියක් පමණි. එහෙත් දෙවැනි ඉනිමේදීත් ලකුණු 350 සීමාව ඉක්මවා ගිය දකුණු අප්‍රිකානුවෝ තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 426 ක දැවැන්ත ඉලක්කයක් නවසීලන්තයට දුන්හ. 

අවසන් දිනයේදී නවසීලන්තය ලකුණු 227 කට දැවී ගියේ දකුණු අප්‍රිකානුවන්ට තරගාවලිය සමකිරීමේ අවස්ථාව ඉතිරි කරමිනි. 

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 364 යි
නවසීලන්තය - පළමු ඉනිම  293 යි

දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම කඩුලු 9 ක් දැවී 354 යි
නවසීලන්තය - දෙවැනි ඉනිම 227 යි

(ඩෙවොන් කොන්වේ 92, ඩැරිල් මිචෙල් 24, ටොම් බ්ලන්ඩල් 44, කොලින් ඩි’ග්‍රැන්ඩ්හෝම් 18, කයිල් ජැමීසන් 12, ටිම් සවුති 17, නීල් වැග්නර් නොදැවී 10, කගීසෝ රබාඩා 46/3, මැකෝ ජැන්සන් 63/3, කේෂව් මහාරාජ් 75/3)

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ වසර 90 ක අපරාජිත වාර්තාව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.