
ඇෆ්ඝනිස්ථානය ලකුණු 208 කට සීමා කළ දකුණු අප්‍රිකානුවෝ කරච්චියේදී අද (21 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන තරගයේදී ලකුණු 107 ක පහසු ජයක් අත්කර ගත්හ. ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශ වලින් ඇෆ්ඝනිස්ථානුවන් අභිබවා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමේ මෙම ජයග්‍රණය ක්‍රීඩකයන් සියලු දෙනාගේම දායකත්වයෙන් ලබාගත් සාමූහික ජයග්‍රහණයක් ද වූයේය.
පිතිකරුවන් හය දෙනාගෙන් තිදෙනකු අර්ධ ශතක ලබාගත් අතර ආරම්භක පිතිකරු රයාන් රික්ල්ටන් සිය මංගල එක්දින ශතකය වාර්තා කළේය. පන්දු යැවීමේදී සියලුම පන්දු යවන්නන් අඩුතරමේ එක කඩුල්ලක් හෝ දවාගත් අතර ඉදිරියෙන්ම සිටි කගීසෝ රබාඩා ලකුණු 38 කට පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය.
පන්දු 92 කින් ලකුණු 90 ක් ලබාගත් රහමත් ෂා දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එරෙහිව පිත්තෙන් සාර්ථක වූ නමුත් ඔහු කිසිවිටෙක තර්ජනයක් නොවීය.
ඇෆ්ඝනිස්ථානු ඉනිමේ දිගු සම්බන්ධතා දක්නට නොලැබිණ. ලකුණු 50 කට කඩුලු 4 ක් බිඳ වැටීමෙන් පසුව පවා ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් දක්නට නොලැබිණ. ඊට ප්‍රධානතම හේතුවක් වූයේ දකුණු අප්‍රිකානුවන්ගේ සුවිශේෂී පන්දු රැකීමයි.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානුවෝ පැකිළීමකින් තොරවම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්හ. ආරම්භක පිතිකරු ටෝනි ඩි’සෝසි ලකුණු 11 කට දැවී ගියද එතැන් සිට සාර්ථක සම්බන්ධතා මත දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැඟිණ. දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 129 ක් වෙද්දී, තුන්වැනි, හතර වැනි සහ පස්වැනි කඩුලු වෙනුවෙන්ද පිළිවෙලින් ලකුණු 44 ක්, 47 ක් සහ 50 ක් වශයෙන් සම්බන්ධතා පැවතිණ.
ඇෆ්ඝනිස්තානු පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් රයාන් රික්ල්ටන් (103) සහ ටෙම්බා බවුමා (58) එක්ව අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා යාමට මැද පෙළ පිතිකරුවන්ට පාර කපා දුන්හ. රාසි වැන්ඩර්ඩසන් (52) සහ ඒඩ්න් මාක්රම් (නොදැවී 52) දෙදෙනාත් අර්ධ ශතක ලබාගත් හෙයින් පන්දු 142 ක් අතරතුරදී රිකල්ටන් සහ බවුමා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 128 කි.
මෙම සම්බන්ධතා අතුරින් වඩාත්ම ප්‍රවේගකාරී සම්බන්ධතාව වූයේ ඩේවිඩ් මිලර් සහ ඒඩ්න් මාක්රම් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාවයි. ඒ වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 32 කට පමණි.
ඒඩ්න් මාක්රම් පන්දු 33 කින් ලබාගත් අර්ධ ශතකය, ශූරයන්ගේ කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකානු පිතිකරුවකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ලෙසින් ද සටහන් වේ.
දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 6 ට 315
(රයාන් රික්ල්ටන් 103, ටෝනි ඩි’සෝසි 11, ටෙම්බා බවුමා 58, රාසි වැන්ඩර්සන් 52, ඒඩ්න් මාක්රම් නොදැවී 52, ඩේවිඩ් මිලර් 14, වියාන් මල්ඩර් නොදැවී 12, මොහොමඩ් නබී 51/2)
ඇෆ්ඝනිස්ථානය - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 208 යි
(රමනුල්ලා ගුර්බාස් 10, ඊබ්‍රහිම් සද්රාන් 17, සදිකුල්ලා අතල් 16, රහමත් ෂා 90, අස්මතුල්ලා ඔමර්සායි 18, ගුල්බදින් නයිබ් 13, රෂීඩ් ඛාන් 18, ලුන්ගි න්ගිඩි 56/2, කගීසෝ රබාඩා 36/3, වියාන් මල්ඩර් 36/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.