Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක ජයක්

දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක ජයක්

Nisanka Sandeepani - 2019 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප්ටවුන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 9 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

තෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) සවස තරගය අවසන් කරන විට පාකිස්තාන කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 294 ක් පමණි. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 41 ක ඉලක්කයක් හිමිවිය.
දකුණු අප්‍රිකානුවන් පහසුවෙන් ඉලක්කය හඹාගොස් ජයග්‍රහණය හිමිකර ගත්තද කඩුල්ලක් අහිමිකර ගත්තේය.

තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජොහැනස්බර්ග්හිදී 11 වැනිදා ආරම්භවීමට නියමිතව ඇත.

පාකිස්තානු පළමු ඉනිම - ඕවර 51.1 කදී සියලුදෙනා දැවී 177
(ශාන් මසූඞ් 44, අසාද් ශාෆික් 20, සර්ෆ්‍රාස් අහ්මඞ් 56, මොහොමඞ් අමීර් නොදැවී 22, ඩුයනි ඔලිවර් 48/4, ඬේල් ස්ටේන් 48/3, කගිසෝ රබාඩා 35/2)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - ඕවර 124.1 කදී සියලුදෙනා දැවී 431
(ඒඞ්න් මැක්‍රම් 78, ඩීන් එල්ගා 20, හසීම් අම්ලා 24, ෆැෆ් ඩු ප්ලෙසීස් 103, ටෙම්බා බවුමා 75, කුයින්ටන් ඩිකොක් 59, මොහොමඞ් අමීර් 88/4, ශහීන් අෆ්රිඩි 123/4)

පාකිස්තානු දෙවැනි ඉනිම - ඕවර 70.4 කදී සියලුදෙනා දැවී 294
(ශාන් මසූඞ් 61, අසාද් ශාෆික් 88, බාබර් අසාම් 72, කගිසෝ රබාඩා 61/4, ඬේල් ස්ටේන් 85/4)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - ඕවර 9.5 කදී කඩුල්ලක් දැවී 43
(ඩීන් එල්ගා නොදැවී 24)


අදහස් (0)

දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.