Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්ෂතම මෝටර් රථ රියැදුරා අශාන්
කටුකුරුන්ද මෝටර් රථ තරග

දක්ෂතම මෝටර් රථ රියැදුරා අශාන්

editorial - 2022 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

රට තුළ පැවැති ඉන්ධන අර්බුධය හමුවේ මාස 10 ක පමණ දීර්ඝ නිහැඬියාවකින් පසුව ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලය, එහි අනු සංගම් 10 සමග එක්ව සංවිධානය කළ ‘නිපෝන් පේන්ට් කටුකුරුන්ද ස්පීඩ්’ මෝටර් රථ තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ප්‍රවීන මෝටර් රථ ධාවක අශාන් සිල්වා සමත් විය.

නිපෝන් පේන්ට් සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ කළුතර, කටුකුරුන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී පැවැති මෙම තරගාවලියේදී ඉසව් 9 ක් යටතේ තරග 11 ක් පැවැත්විණ. එහි ප්‍රධානම ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව යටතේ පැවැති තරග 2 ම ජයගනිමින් අශාන් තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත්විය.

උෂාන් පෙරේරා සහ අභීත දංගල්ල සමග කළ කරට කර සටනකින් අනතුරුව පළමු තරගය ජයගත් අශාන් දෙවැනි තරගය ජය ගත්තේ සෙසු තරගකරුවන්ට වඩා මීටර් 150 ක් පමණ ඉදිරියෙන් සිටිමිනි. දෙවැනි තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගත් අශාන්, එය නිමාවට පත්වන තෙක්ම කිසිදු තරගකරුවකුට තමා පසුකර යෑමට ඉඩක් නොදුන්නේය.

පළමු තරගය ආරම්භයේදී පෙරමුණට පැමිණීමට මිස්සක නවීන් සමත් වුවද, එහි පළමු වටය අවසන් වීමටත් පෙර අශාන් යළිත් පෙරමුණට පැමිණියේය. එහෙත් සිවුවැනි වටයේදී අශාන් අතින් රථයේ පාලන ගිලිහී යෑම හේතුවෙන් උෂාන් පෙරේරා සහ අභීත දංගල්ල ඔහු පසුකර ඉදිරියට ඇදුනහ. කෙසේ වුවත් දක්ෂ හඹායෑමකින් පසුව යළිත් තරගයේ පෙරමුණට පැමිණි අශාන් ඉන් තියුණු ජයක් ලැබීය.

එම තරග දෙකේම දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට අශාන්ට හොඳ තරගයක් ලබාදුන් උෂාන් පෙරේරා සමත් වූ අතර ඉෂ්රාක් වහබ් පළමු තරගයේ තෙවැනි ස්ථානයටත්, අභීත දංගල්ල දෙවැනි තරගයේ තෙවැනි ස්ථානයටත් පත් වූහ. අභීතට පළමු තරගයේ තෙවැනි ස්ථානය අහිමි වූයේ අවසන් මොහොතේ ඔහුගේ මෝටර් රථය අශාන්ගේ රථයේ හැපී ධාවන පථයෙන් ඉවතට ඇදී යෑම හේතුවෙනි.

තරගාවලියේ තවත් කැපීපෙනුන ඉසව්වක් වූ එස්.එල්.එච්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 1600 දක්වා) මෝටර් රථ ඉසව්වේ පළමු තරගය ජයගත් විරේන් බොතේජු, දෙවැනි තරගයේදී තෙවැනි ස්ථානයට පත්විය. එම ඉසව්වේ පළමු තරගයේ තෙවැනි ස්ථානයට පත්වූ සංගීත් සූරියගේ, දක්ෂ ලෙස තරග වදිමින් දෙවැනි තරගයේ ජයග්‍රාහකයා බවට පත් විය.


තරග ප්‍රතිඵල

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය
1 අදීෂ කිත්විත්, 2 චරිත් පෙරේරා, 3 අනුද කෝදාගොඩ

එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 ඉමාස් ෆෙරෝස්, 2 සඳරු වීරසිංහ, නාමල් සිල්වා

එස්.එල්.ඒ. කාණ්ඩයේ (සි.ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 සිතාර පීරිස්, 2 ප්‍රසන්න රාජකුලේන්ද්‍රන්, 3 චාමික රණතුංග  

එස්.එල්.ඊ. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 අහමඩ් ශර්ෆාන්, 2 රසිත පසන්, 3 ශාන් ද සිල්වා

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1300 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 තේනුක ලියනාරච්චි, 2 අකිල ද කොස්තා, 3 ඉමේෂ් සිල්වා  

එස්.එල්.එන්. කාණ්ඩයේ (සි.ධා. 1500 දක්වා) ෆෝඩ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 ෂෙනාල් ගුණවර්ධන, 2 තරිඳු ධර්මරත්න, 3 රජිත් උළුවිට

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 විරේන් බොතේජු, 2 රන්දික නිරෝෂන්, 3 සංගීත් සූරියගේ

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 1600 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 සංගීත් සූරියගේ, 2 කේසර ගොඩගේ, 3 විරේන් බොතේජු

එස්.එල්.එච්. කාණ්ඩයේ (සි.ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මේනක සඳරුවන්, 2 නයිජල් පෙරේරා, 3 භාතිය අමරසිංහ

‘එස්.එල්.ජී.ටී’ කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 අශාන් සිල්වා, 2 උෂාන් පෙරේරා, 3 ඉෂ්රාක් වහබ්

‘එස්.එල්.ජී.ටී’ කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 අශාන් සිල්වා, 2 උෂාන් පෙරේරා, 3 අභීත දංගල්ල


 

ඡායාරූප - ළහිරු හර්ෂණ 


අදහස් (0)

දක්ෂතම මෝටර් රථ රියැදුරා අශාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.