
විස්සයි-20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ ‘ඩී’ කාණ්ඩය යටතේ අද (14 වැනිදා) අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති මූලික වටයේ තරගයේදී නවසීලන්තයට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම ජයග්‍රහණය සමග ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 17.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඒඩ්න් මාක්‍රම් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 86 ක් රැස‍්කළේය.
ක්වින්ටින් ඩි’කොක් (20) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාක්‍රම්, ඉන් නොනැවතී රයන් රිකෙල්ටන් (21) සමග එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 18 කින් ලකුණු 40 ක්ද, ඩේවිඩ් මිලර් (නොදැවී 24) සමග එක්ව පන්දු 33 කදී ලකුණු 47 ක්ද එක්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක දැවී ලකුණු 175 ක් ලබාගත්තේය. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මාක් චැප්මන් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 48 ක් රැස්කළ අතර ඩර්ලි මිචෙල් පන්දු 24 කින් ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 175
(ෆින් ඇලන් 31, මාක් චැප්මන් 48, ඩර්ලි මිචෙල් 32, ජේම්ස් නීෂම් නොදැවී 23, මාකෝ ජැන්සන් 40/4)
දකුණු අප්‍රිකාව - ඕවර 17.1 කදී කඩුලු 3 ක් දැවී 178
(ඒඩ්න් මාක්‍රම් නොදැවී 86, ක්වින්ටින් ඩි’කොක් 20, රයන් රිකෙල්ටන් 21, ඩෙවෝල්ඩ් බ්‍රේවිස් 21, ඩෙිව්ඩ් මිලර් නොදැවී 24)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.