Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල කඩ කිරීමට වරදකරුවන් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක‍්‍රීඩකයන්ට එරෙහිව පනවා තිබූ වසරක ජාත්‍යන්තර තරග තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද (7 වැනිදා) පැවැති විධායක කමිටු රැස්වීමකදී තීරණය කළේය.
ජාත්‍යන්තර තරග තහනමට අමතරව ඔවුන් තිදෙනාට මාස 6 ක දේශීය තරග තහනමක් සහ රුපියල් කෝටිය බැගින් වූ දඩ මුදලක්ද නියම කර තිබිණ. මෙම දඩ මුදල ගෙවන්නේ නම් ලංකා පි‍්‍රමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියට සහභාගි වීමට ඔවුන්ට අවසර දීමට කි‍්‍රකට් ආයතනය තීරණය කෙරිණ. එබැවින් එම දඩ මුදල ගෙවා ඔවුහු එල්.පී.එල්. තරගාවලියට කී‍්‍රඩා කළහ.
ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ තරග 10 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 327 ක් රැස්කළ කුසල් මෙන්ඩිස් තරගාවලිවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය.
තරග 10 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 226 ක් රැස්කිරීමට ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර නිරෝෂන් දික්වැල්ල තරග 10 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 151 කි.
එල්.පී.එල්. තරගාවලිය නිමා වීමෙන් අනතුරුව තමන්ට එරෙහිව පනවා ඇති තරග තහනම ලිහිල් කරන ලෙස මෙම කී‍්‍රඩකයෝ තිදෙනා දෙවැනි වරටත් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් කළහ.
වසරක තහනම කි‍්‍රයාත්මකව පවතිද්දීම, ඔවුන් තිදෙනාම මානසික උපදේශකවරයකු වෙත යැවීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබිණ. ඒ අනුව ඔවුන් මානසික වෛද්‍ය උපදේශක චාමර විජේසිංහ මහතා වෙත යවනු ලැබිණ.
පසුව කී‍්‍රඩකයන් තිදෙනාගේ ප‍්‍රගතිය පිළිබඳව විජේසිංහ මහතාගෙන් අදහස් විමසූ ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව, තවත් බොහෝ කරුණු පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ඔවුන්ගේ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වුවහොත් ඔවුන්ට මෙම මාසයේදී පැවැත්වෙන සිම්බාබ්වේ තරගාවලියට සහභාගි වීමට අවස්ථාවද උදාවනු ඇත.
මානසික වෛද්‍ය උපදේශකවරයා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට උපදෙස් දී ඇත්තේ මෙම අවස්ථාවේදී කී‍්‍රඩකයන් තිදෙනාගේ තරග තහනම පිළිබඳ සලකා බලන්නේ නම් එය ඔවුන්ගේ යහපතට හේතුවනු ඇති බවය.
”මේ තුන්දෙනාම දැන් ආයෙමත් කි‍්‍රකට් ගහන්න ඕනේ... අනෙක ඒ තුන්දෙනාගේම දියුණුවක් පෙන්නුම් කරනවා.” යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ඉකුත් වසරේ (2021) ජූලි මස 30 වැනිදා පනවන ලද මෙම තරග තහනම ජූනි මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි බල පැවැත්විණි. ඉන් දේශීය තරගය තහනම ඉකුත් දෙසැම්බර් මාසයේදී නිමා වූ අතර ජාත්‍යන්තර තරග තහනම නිමා වීමට තවත් මාස 6 ක කාලයක් ඉතිරිව තිබිණ.
එංගලන්ත සංචාරයේදී ඩර්හැම් නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගයට පෙර ජෛව බුබළ කඩ කරමින් රාතී‍්‍ර කාලයේදී අවසර නොලත් ප‍්‍රදේශයක සැරිසැරීම හේතුවෙන් මෙම කී‍්‍රඩකයන් තිදෙනා කණ්ඩායමෙන් ඉවත් කර යළි දිවයිනට එවීමට කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගත්තේය.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා ප‍්‍රධාන පෙලේ හෝටලයක නිරෝධායනයට ලක් කෙරුණ අතර ඉන් අනතුරුව ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂනයක් පැවැත්විණ. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප‍්‍රධානත්වයෙන් සමත්විත වූ කමිටුවක් විසින් එම පරීක්ෂණය මෙහෙයවන ලදි.
පරීක්ෂණයෙන් අනතුරුව කුසල්ට සහ ධනුෂ්කට එරෙහිව වසර 2 ක තරග තහනමක්ද, දික්වැල්ලට එරෙහිව වසර එකහමාරක තරග තහනමක්ද පැනවීමට එම කමිටුව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නිර්දේශ කළේය. තවද තිදෙනාටම රුපියල් ලක්ෂ 50 බැගින් වූ දඩ මුදලක් නියම කිරීමටද කමිටුව නිර්දේශ කළේය.
කෙසේ වුවත් එම දඬුවම ලිහිල් කරමින් ඔවුන්ගේ තරග තහනම වසරකට කෙටි කිරීමට පිටවර ගත් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව, ඔවුන්ට එරෙහිව පැනවීමට නිර්දේශ කළ දඩ මුදල ලක්ෂ 50 සිට කෝටියක් දක්වා ඉහළ දැමීමටද කටයුතු කළේය.
Sk Saturday, 08 January 2022 09:21 AM
පුදුම දඬුවම් වගේම, පුදුම තීරණයන්... ඇත්තටම අපිට ලැජ්ජයි, දුකයි මේ ගැන...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.