Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තුන් ඉරියව් දක්ෂතා දිල්ලියට ජය ගෙනෙයි
අයි.පී.එල්.- 2022

තුන් ඉරියව් දක්ෂතා දිල්ලියට ජය ගෙනෙයි

editorial - 2022 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් පංජාබ් කිංග්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (20) පැවැති ඉන්දීය ප්‍රීමයර් ලීග් තරගාවලියේ 32 වැනි තරගය කඩුලු 9 කින් ජය ගැනීමට දිල්ලි කැපිටල් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 116 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කැපිටල් පිල ඕවර 10.3 කදී එක් කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය.

වේගවත් ආරම්භයක් ලබාගත් ප්‍රිත්වී ෂෝ සහ ඬේවිඞ් වෝනර් පළමු කඩුල්ල සඳහා පන්දු 39 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දිල්ලි පිලේ ජයග්‍රහණයට අඩිතාලම දැමූහ. ඬේවිඞ් වෝනර් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 60 ලබාගත් අතර ප්‍රිත්වී ෂෝ පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් පිලට ඕවර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණි.

ජිතේෂ් ෂර්මා පන්දු 23 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් ලබාගත් අතර නායක මයන්ක් අගර්වාල් පන්දු 15 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 24 ක් ලබාගත්තේය. දිල්ලි පන්දු යවන්නන්ගේ දක්ෂතාහ හේතුවෙන් පංජාබ් පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට අවස්ථාවක් හිමිනොවූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අක්සාර් පතෙල්, ලලිත් යාදව්, ඛලීල් අහ්මඞ් සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් දවාගනිමින් පංජාබ් කිංග්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

කුල්දීප් යාදව් තරගයේ දක්ෂතම ක්‍රීඩාකයාට හිමි සම්මානය දිනාගත්තේය.

පංජාබ් කිංග්ස් - ඕවර 20 කදී සියලුදෙනා දැවී 115
(මයන්ක් අගර්වාල් 24, ජිතේෂ් ෂර්මා 32, අක්සාර් පතෙල් 10/2, ලලිත් යාදව් 11/2, ඛලීල් අහ්මඞ් 21/2, කුල්දීප් යාදව් 24/2)

දිල්ලි කැපිටල් - ඕවර 10.3 කදී කඩුල්ලක් දැවී 119
(ප්‍රිත්වී ෂෝ 41, ඬේවිඞ් වෝනර් නොදැවී 60)

- 2079


අදහස් (0)

තුන් ඉරියව් දක්ෂතා දිල්ලියට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.