Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තැඹිලි තොප්පිය අසලංකට

තැඹිලි තොප්පිය අසලංකට

editorial - 2024 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සියවස් එකහමාරකට වැඩි ඉතිහාසයක් ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ නිතරම භාවිතා කෙරෙන “උඩපන්දු තරග දිනවයි” යන්න අදටත් වලංගු ප්‍රකාශයකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි විශිෂ්ටතම පන්දු රකින්නකු වූ උපුල් චන්දන වත්මන් කණ්ඩාමේ පන්දු රැකීමේ පුහුණුකරුවා වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ කැපී පෙනෙන වෙනසක් ඇතිවී තිබේ. චන්දන මහතා විසින් කණ්ඩායමට හඳුන්වාදෙන ලද නවතම පන්දු රැකීමේ අභ්‍යාස සහ ක්‍රීඩකයන් දිරිගැන්වීමේ ක්‍රමවේද නිසා මෙම කැපී පෙනෙන වෙනස ඇතිවී තිබේ. 

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ තරග 9 කදී උඩපන්දු 16 ක් බිම දැමූ කණ්ඩායම, මාස දෙකක ඇවෑමෙන් අතිශය තීරණාත්මක උඩපන්දු මෙන්ම ඇතැම් අවස්ථාවලදී ඇදහිය නොහැකි ආකාරයෙන් උඩපන්දු ඩැහැගන්නා කණ්ඩායමක් බවට ද පරිවර්තනය වී තිබේ. ඒ සඳහා ආසන්නතම උදාහරණය දැකගත හැකිවූයේ සඳුදා (4 වැනිදා) බංග්ලාදේශයේ සිලෙත් නුවරදී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේ අවසන් ඕවරයේදීය. 

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශීන්ට අවසන් ඕවරයේදී ලකුණු 12 ක් අවශ්‍යව තිබිණ. පන්දු 33 කින් ලකුණු 68 ක් ලබා සිටි ජකාර් අලී ඒ වන විටත් පිටියේ සිටියේය. 

දසුන් ශානුක යැවූ අවසන් ඕවරයේ පළමු පන්දුවේදීම මිඞ් ඕෆ් ස්ථානයේ සිටි චරිත් අසලංක සිය වම් පසට පනිමින් රැකගත් උඩපන්දුව නිසා රිෂාඞ් හොසේන් දැවී ගියේය. පන්දු දෙකකට පසුව ජකාර් අලීගේ පහරකින් ඉහළ ගිය උඩපන්දුව අසලංක විසින් රැකගන්නා ලද්දේ ඉදිරියට පනිමිනි. පන්දු 6 කින් ලකුණු 12 ක් අවශ්‍ය වූ ඕවරයකදී පන්දු 3 ක් ඇතුළත කඩුලු දෙකක් බිඳ වැටීමෙන් බංග්ලාදේශයේ බලාපොරොත්තු බිඳී ගියේය. තරගයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 03 ක තියුණු ජයක් අත්විය. 

තැඹිලි තොප්පිය සහ සිහිවටන කාසිය චන්දන මහතාගේ හඳුන්වාදීමකි. සෑම තරගයකදීම හොඳම පන්දු රකින්නා තෝරා ඔහුට තැඹිලි පැහැ හිස්වැස්ම පැළවීමත්, ක්‍රීඩකයා සන්තකයේ තබාගැනීමට සමරු කාසියක් තිළිණ කිරීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී තිබෙන නවතම විශේෂාංගයයි. පළමු විස්සයි-20 තරගයේදී කළ සුවිශේෂී පන්දු රැකීම හේතුවෙන් උපුල් චන්දන මහතා විසින් චරිත් අසලංකට තැඹිලි තොප්පිය සහ සිහිවටන කාසිය පිරිනැමූ අවස්ථාව. මෙම තරගයේදී අසලංක විසින් රැකගන්නා ලද උඩපන්දු සංඛ්‍යාව 3 කි. 


ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි. 


අදහස් (1)

තැඹිලි තොප්පිය අසලංකට
  • Senarath Thursday, 07 March 2024 09:30 AM

    ඉතාම හොඳ හඳුන්වාදීමක්... ක්‍රීඩකයෝ ඇගයීමකට ලක්කරන්න ඕනේ... ඔවුන්ගේ දක්ෂතා පෙන්නුවාම...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.