Last Update  :  2025-05-19 21:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ත්‍රිත්ව - ඉසිපතන අවසන් තරගය ඉරිදා
ජනාධිපති කුසලාන රග්බි

ත්‍රිත්ව - ඉසිපතන අවසන් තරගය ඉරිදා

editorial - 2025 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් මහ තරගය මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර එළබෙන ඉරිදා (18 වැනිදා) පස්වරු 4.00 සිට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී  පැවැත්වේ. 

රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මරදාන සහිරා විදුහලට එරෙහිව ලකුණු 29-12 ක ජයක් වාර්තා කරමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් තරගයට පිවිසියහ. ඉසිපතන ක්‍රීඩකයන් අවසන් තරගයට පිවිසියේ කොළඹ රාජකීය විදුහලට එරෙහිව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 24-17 ක ජයක් ලබමිනි. 

මූලික වටයේදී මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 61-00 ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉසිපතන විදුහල, අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 24-10 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. 

මූලික වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 62-05 ක දැවැන්ත ජයක් ලැබූ ත්‍රිත්ව විදුහල, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවේ අර්ධ අවසන් පූර්ව වටයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 24-15 ක ජයක් වාර්තා කරමිනි. 

ඉකුත් වසරේ (2024) පැවැති ජනාධිපති කුසලාන තරගාවලියේ ශූරයන් බවට පත්වූ ඉසිපතන විදුහල මෙම වසරේදීත් එම කුසලාන තමන් සන්තකයේ රඳවා ගැනීමේ අරමුණින් තරග වදින අතර ත්‍රිත්ව විදුහල අවසන් තරගයට පිවිසෙන්නේ ජනාධිපති කුසලාන ඉසිපතන විදුහලෙන් උදුරා ගැනීමේ බලාපොරොත්තුවෙනි. 

ඉකුත් වසරේදී පමණක් නොව ඉසිපතන විදුහල ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 29 වැනි අවස්ථාව මෙන්ම පිට පිටම එම දස්කම දැක්වූ සිවුවැනි අවස්ථාවද මෙය ලෙස සටහන් වේ. 

ඒ අතරින් අවස්ථා 14 කදී ජනාධිපති කුසලාන තමන් සතුකර ගැනීමට ඉසිපතන විදුහල සමත්ව ඇති අතර ත්‍රිත්ව විදුහල ඊට හිමිකම් කියා ඇත්තේ අවස්ථා 3 කදී පමණි. ත්‍රිත්ව විදුහල අවසන් වරට ජනාධිපති කුසලාන ජයගෙන ඇත්තේ 2011 වසරේදීය. 

 


අදහස් (0)

ත්‍රිත්ව - ඉසිපතන අවසන් තරගය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.