
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විදේශීය පුහුණුකරුවන් දෙදෙනකුගේ සේවය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව පන්දු යැවීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රයන් වැන් නීකර්ක් මහතා පත්කර ඇත. උසස් දස්කම් මධ්‍යස්ථානයේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරුවා මෙන්ම දඟ පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙස ජෝර්ඩන් ග්‍රෙගරි මහතා පත් කර තිබේ.
වසර 2023 සිට 2026 දක්වා නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු සහ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ වැන් නීකර්ක් මහතා, ශ්‍රී ලංකාවේ සියලුම ජාතික කණ්ඩායම්වල පන්දු යැවීමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් පත්කර තිබේ. ඔහු සියලුම ජාතික කණ්ඩායම්වල වේග පන්දු යැවීම අධීක්ෂණය කරනු ඇත.
වැන් නීකර්ක් මහතා නෙදර්ලන්ත කණ්ඩායමේ අන්තර්කාලීන පුහුණුකරු තනතුර බාරගැනීමට පෙර, එම කණ්ඩායමේ සහකාර පුහුණුකරු සහ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කළේය.
ඔහුගේ සේවා කාලය තුළ, 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය, 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සහ 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරඟාවලි සඳහා නෙදර්ලන්ත කණ්ඩායම ක්‍රීඩා කළේය.
අප්‍රේල් 15 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා වැන් නීකර්ක් මහතාගේ සේවා කාලය පවතිනු ඇත.
නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ උපදේශකයෙකු ලෙස සේවය කර ඇති ජෝර්ඩන් ග්‍රෙගරි මහතා උසස් දස්කම් මධ්‍යස්ථානයේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු මෙන්ම දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. උසස් දස්කම් මධ්‍යස්ථානයේ පුහුණුව ලබන සියලුම ජාතික කණ්ඩායම්වල පන්දු රැකීම සහ දඟ පන්දු යැවීම අධීක්ෂණය කිරීමේ වගකීම ඔහු දරනු ඇත.
ජෝර්ඩන් ග්‍රෙගරි මහතාගේ පත්වීමද වසර දෙකක කාලයක් සඳහා වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.