Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් විශ්ලේෂක තනුජ නිරෝෂන මහතාටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වන ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට පසුව, කොරෝනා වයිරසය අසාදනයට ලක්වූ දෙවැනි පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයා නිරෝෂන මහතාය.
තනුජ නිරෝෂන මහතාට කොරෝනා වයිරසය අසදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඊයේ (8 වැනිදා) කරන ලද පරීක්‍ෂණවල ප්‍රතිඵල අනුවය. තනුජ නිරෝෂන මහතාත්, ග්‍රාන්ට් ෆ්ලවර් මහතාත් මේ වන විට නියමිත සෞඛ්‍ය නීති රීති අනුව හුදෙකළා කරනු ලැබ සිටිති.
එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 21 දෙනා සහ සෙසු කාර්ය මණ්ඩලය මේ වන විට කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේම හුදෙකළා කරනු ලැබ සිටින අතර වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු ඔව්හු පුහුණුවීම් කිරීමෙන් වැළකී සිටිති. ජාතික පුහුණුකරු මිකී ආතර්, වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු චමින්ද වාස්, පන්දු රැකීමේ පුහුණුකරු මනෝජ් අබේවික්‍රම සමග කළමණාකරු මනුජ කාරියප්පෙරුම යන මහත්වරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එංගලන්තයට ගිය ක්‍රිකට් අධ්‍යක්‍ෂක ටොම් මූඩි මහතා තවමත් ශ්‍රී ලංකාවට පැමිණ නැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.