Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

editorial - 2023 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පවන් රත්නායකගේ ප්‍රවේගවත් පිතිහරඹය නිසා තුන්වැනි එක්දින තරගය කඩුලු 5 කින් ජයගත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම, බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව දඹුල්ලේදී පැවැති එක්දි තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගැනීමට සමත් විය. 

චමිඳු විජේසිංහ (35/3) සහ අශීන් ඩැනියෙල් (25/3) එක්ව පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම ඕවර 47 කදී ලකුණු 223 කට සීමා කළහ. නිපුන් ප්‍රේමරත්න සහ විජයකාන්ත් වියස්කාන්ත් තවත් කඩුල 4 ක් බෙදා ගත්හ. 

ලකුණු 224 ක ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් පිලේ ආරම්භක පිතිකරු සොහාන් ද ලිවේරා ලකුණු නොලබා දැවී ගියත් එවේලේ පිටියට පිවිසි පවන් රත්නායක (85) මැදපෙළ පිතිකරුවන් සමගින් එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. 

බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 223 යි
(පර්වේස් හොසේන් එමොන් 32, ප්‍රිටෝම් කුමාර් 35, මහමුදුල් හසන් ජෝයි 37, ශදාත් හොසේන් 79, අහමඩ් ශරීෆ් නොදැවී 11, නිපුන් ප්‍රේමරත්න 39/2, චමිඳු වික්‍රමසිංහ 35/3, අශීන් ඩැනියෙල් 25/3, විජයකාන්ත් වියස්කාන්ත් 41/2)

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම - ඕවර 31.2 කදී කඩුලු 5 ක් දැවී 224 යි
(ෂෙවොන් ඩැනියෙල් 27, පවන් රත්නායක 85, නවෝද් පරණවිතාන 47, අහන් වික්‍රමසිංහ 30, සොනාල් දිනූෂ නොදැවී 18, රිපොන් මොන්ඩල් 43/3, රිෂාන් හොසේන් 41/2)


අදහස් (0)

තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.