Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරගාවලිය මාර්තු 22 දා සිට..
අයි.පී.එල්. - 2024

තරගාවලිය මාර්තු 22 දා සිට..

editorial - 2024 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.පී.එල්. තරගාවලිය මාර්තු මස 22 වැනිදා ආරම්භ කිරීමට හැකි වෙතැයි අයි.පී,එල්. පාලක මණ්ඩලයේ සභාපති අරුන් ධුමාල් මහතා කියයි. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ තරඟාවලියේ කාලසටහන කොටස් දෙකකින් ප්‍රකාශයට පත් කළ හැකි බවයි. මුලින්ම පළමු දෙසතිය සඳහා තරග කාලසටහන ප්‍රකාශයට පත්කෙරෙන අතර ඉතිරිය ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව තීරණය කරනු ඇත. 

“මාර්තු 22 වනදා චෙන්නායිහිදී තරඟාවලිය ආරම්භ කිරීමට මේ වන විට, අපි සැලසුම් කර තිබෙනවා,” යයි අරුන් ධුමාල් මහතා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.  ඒ අනුව වත්මන් ශූරයන් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී තරගාවලියේ ආරම්භක තරගයට පිවිසෙනු ඇත. 

2019 දී පවා, මහ මැතිවරණය නොතකා සමස්ත තරඟාවලියම ඉන්දියාවේ පැවැත්විණි. මෙවරද අයි.පී.එල්. තරඟාවලිය මුළුමනින්ම ඉන්දියාවේදී පැවැත්වීම සහතික කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සියලු බලධාරීන් සමඟ නිරන්තර සාකච්ඡාවල නිරතව සිටී. 

කෙසේ වෙතත් තරගාවලිය ආරම්භ කිරීමට වැඩි කාලයක් ඉතිරිව නොමැති බැවින්, බොහෝ කණ්ඩායම්, මෙම සතිය අවසානයේදී ඔවුන්ගේ පුහුණු කඳවුරු ආරම්භ කිරීමට තීරණය කර ඇත. එංගලන්තයට එරෙහි ඉන්දීය ටෙස්ට් තරඟාවලිය මාර්තු 11 වනදා අවසන් වීමට නියමිතව ඇති හෙයින්, ටෙස්ට් තරඟාවලියේදී ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයින්ට අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වීමට පෙර සතියක විවේකයක් ලැබෙනු ඇත.

- 213


අදහස් (0)

තරගාවලිය මාර්තු 22 දා සිට..

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.