Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ලෝතයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (5 වැනිදා) තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය ලකුණු 62 කට කඩුලු 2 ක් අහිමිකර ගෙන සිටියේය. නමුත් එංගලන්තය පළමු ඉනිමේ රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 165 ක් ඉදිරියෙන් සිටියේය.
ටොම් ලේතම් ලකුණු 30 ක් සහ නීල් වැග්නර් ලකුණු 2 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. මංගල ඉනිමේදීම ද්විත්ව ශතකයක් ලබාගත් ඩෙවොන් කෝන්වේ ලකුණු 23 කට දවාගැනීමට ඔලී රොබින්සන් සමත්විය.
ටිම් සවුතිගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් එංගලන්ත පිතිකරුවන්ට අදහාගත නොහැකි ඉරණමක් අත්කර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ, තේ පානයට පෙරම එංගලන්ත මුල් ඉනිම අහවර කළහ. එංගලන්ත කණ්ඩායම ලකුණු 275 කට දැවී යාම හේතුවෙන් නවසීලන්ත පිලට ලකුණු 103 ක මුල් ඉනිමේ වාසියක් හිමිවිය.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය අතර එංගලන්ත කණ්ඩායම අද පෙරවරුවේදී තරගය ආරම්භ කළේ කඩුලු 2 කට ලකුණු 111 ක් ලබා සිටිමිනි. එහෙත් අද දිනයේ යැවූ පළමු පන්දුවෙන්ම එංගලන්ත නායක ජෝ රූට් දැවී යාම නිසා පසුපසට වැටුණු සත්කාරකයෝ දිවා ආහාරය වන විට කඩුලු 6 ක් දැවී ලබා සිටියේ ලකුණු 164 ක් පමණි.
අද දිනයේ යැවූ පළමු පන්දුවෙන්ම ජෝ රූට් දවාගැනීමට සමත් වූයේ කයිල් ජැමීසන් නමුත් එංගලන්තය දණගැස්වූ පන්දු යවන්නා වූයේ ටිම් සවුතිය. මුලු ලකුණු සංඛ්‍යාව 140 ක් ව තිබියදී, පන්දු 21 ක් තුළදී පිට පිටම කඩුලු 3 ක් දවාගත් සවුති, එංගලන්ත කඩුලු රකින්නා වූ ජේම්ස් බ්‍රේසිගේ මංගල ටෙස්ට් තරගය අමිහිරි තරගයක් කළේය. එහෙත් ඔලීලා දෙදෙනා සමග එක්වූ රෝරි බර්න්ස්, එංගලන්ත ලකුණු සංඛ්‍යාව 203 ක් දක්වා ඇදගෙන ගියේය.
ආරම්භක පිතිකරුවා වූ ජෝ රූට් සමගින් එක්ව, දෙවැනි දිනයේදී, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රෝරි බර්න්ස්, අද දිවා ආහාරයට පෙර ලබාගත්තේ ලකුණු 13 ක් පමණි. ලකුණු ලබාගැනීම පසෙක තබා තමන්ගේ අනෙක් අන්තයේ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යන අකාරයට බලා සිටීමට බර්න්ස්ට සිදුවිය.
දිවා ආහාරයෙන් පසුව ලකුණු රැස්කිරීමේ වගකීම ගත් ආරම්භක පිතිකරුවා, පැය 8 ක ඉනිම නිමා කළේ එංගලන්ත කණ්ඩායමේ දැවී ගිය 10 වැනි පිතිකරුවා ලෙසිනි. පන්දු 297 කට මුහුණ දී සිටි බර්න්ස් හතරේ පහර 16 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසා තිබිණ.
ඉතා හොඳින් හිරු පායාතිබූ, පිතිකරුවන්ටම යෝග්‍ය දිනයකදී වුවත් කයිල් ජැමීසන්ගේ පන්දුව ජෝ රූට්ගේ පිත්තේ දාරයේ වැදී ස්ලිප් හි සිටි රොස් ටේලර්ගේ දෑත්අතර සැඟවී ගියේය. එම උඩපන්දුව නිසි ආකාරයෙන් රැකගන්නා ලද්දේද යන්න විනිසුරුවරු රූපවාහිනී විනිසුරුවරයාගේ සහාය ලබාගත් නමුත් තීරණය ලැබෙන විට ජෝ රූට් ක්‍රීඩක විවේකාගාරයට ආසන්නව සිටියේය.
වමත් වේග පන්දු යවන්නා වූ ට්‍රෙන්ට් බෝල්ට් නොමැති වූ නමුත් නවසීලන්තයට අලාභයක් සිදු නොවීය. එහෙත් බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර් සහ ජොනී බෙයාර්ස්ටෝ නැති අඩුව එංගලන්ත පිලට නම් හොඳින්ම දැණින.
නවසීලන්තය - පළමු ඉනිම 378 යි
එංගලන්තය - පළමු ඉනිම 275 යි
(රෝරි බර්න්ස් 132, ජෝ රූට් 42, ඔලී පෝප් 22, ඔලී රොබින්සන් 42, ස්ටුවර්ට් බ්‍රෝඩ් 10, ටිම් සවුති 43/6, කයිල් ජැමීසන් 85/3)
නවසීලන්තය - දෙවැනි ඉනිම 62/2
(ටොම් ලේතම් නොදැවී 30, ඔලී රොබින්සන් 08/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.