Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තක්කඩින්ගෙන් කී‍්‍රඩාව බේරා ගැනීමට නම්.....

තක්කඩින්ගෙන් කී‍්‍රඩාව බේරා ගැනීමට නම්.....

editorial - 2019 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තක්කඩින්ගෙන් සහ වංචාකාරයන්ගෙන් කී‍්‍රඩාව බේරා ගැනීමට නම් මුදලට තරග පාවාදීම නොව ඔට්ටු බාරගන්නා ආයතන පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතු යයි අන්තර්ජාතික වාර්තාවකින් කියැවේ. මෙහි ප‍්‍රධානතම චූදිතයන් ව සිටින්නේ අග්නිදිග ආසියානු රටවල සිටින බුකිකරුවන් බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් කියැවේ.

දෝහා නගරයේ මූලස්ථානය පිහිටි, කී‍්‍රඩාවේ ආරක්‍ෂාව පිළිබඳව අන්තර්ජාතික මධ්‍යස්ථානයේ වාර්තාවක් උපුටා දක්වමින් එහි අධ්‍යක්‍ෂවරයකු වන කි‍්‍රස් ඊටන් මහතා පැවසන්නේ කී‍්‍රඩා තරග වෙනුවෙන් ඔට්ටු බාරගනිමින් බුකි කරුවන් වසරකදී ඩොලර් බිලියන 140 කට (රුපියල් බිලියන 18,200 ක්) උපයන බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන ඊටන් මහතා පවසන්නේ කී‍්‍රඩාව තක්කඩින්ගෙන් බේරාගැනීමට නම්  ඉලක්කය කඩිනමින්ම වෙනස් විය යුතු බවයි.

”මුදලට තරග පාවාදීමේ සිදුවීම් දිහා අප වසර පහක පමණ කාලයක් බලා සිටියා. ඒත් අපේ ඉලක්කය වෙනස් විය යුතුයි... ඒ ඔට්ටු බරගන්නන් නැතහොත් බුකිකරුවන් කරායි”

”ඇත්ත තත්ත්වය නම් බොහොමයක් ඔට්ටු දැමීමේ ආයතන විනිවිද පෙනෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නෑ. ඒවා නීත්‍යානුකූල නොවෙන්නම අවශ්‍ය නෑ.

ඒත් ඒවා නිවැරදි ආකාරයෙන් කි‍්‍රයාත්මක වන්නේ නෑ” යයි ඊටන් මහතා රොයිටර් පුවත් සේවයට පැවසීය.

”මේකට ප‍්‍රධානතම හේතුව තමයි මේ සියල්ලම රහසේ සිදුවීම. ඒ නිසා අපරාධකාරීන්ට පුළුවන් තමන්ට  ඕනෑ ආකාරයට මේ කී‍්‍රඩාව පිළිබඳ ඔට්ටු දැමීම හසුරුවන්න” යයිද ඊටන් මහතා වැඩිදුරටත් පැවසීය.

කී‍්‍රඩාවේ ආරක්‍ෂාව පිළිබඳව අන්තර්ජාතික මධ්‍යස්ථානයෙන් මෙම වාර්තාව එළිදකින්නේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට මාසයකටත් අඩු කාලයක් තිබියදීය.

කී‍්‍රඩාවේදී ඔට්ටු දැමීම යුරෝපා රටවල වරදක් ලෙස නොසැලකෙන නමුත් මුදලට තරග පාවාදීම හෝ ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත කී‍්‍රඩා කිරිම දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ඊටන් මහතාගේ අදහස අනුව ඔට්ටු බාරගන්නන්ගේ වංචා ඊට වඩා බරපතළය.

ප‍්‍රංශයේ සෝබෝන් සරසවියේදී පැවැති ‘කී‍්‍රඩාවේ අවංකභාවය’ පිළිබඳ කතිකාවකදී කි‍්‍රස් ඊටන් මහතා අද  (15 වැනිදා) එසේ පැවසීය.

මේ අතර එංගලන්තයේ ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පත අද වාර්තාකළේ ලෝකය පුරාම පැවැති කි‍්‍රකට් තරග කිහිපයකදී සිදුවූ දූෂණ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි. එංගලන්තයේ පැවැත්වෙන අන්තර් ප‍්‍රාන්ත තරග කිහිපයක් සම්බන්ධයෙන්ද මෙම පරීක්‍ෂණ පැවැත්වේ.

නවසීලන්ත පිලේ හිටපු කී‍්‍රඩකයකු වන ලූ වින්සන්ට් බුකිකරුවන් පිළිබඳ තොරතුරු සමුදායක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන ඒකකට බාරදී ඇතැයි නවසීලන්ත කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධානියාද තහවුරු කළේය.

දුෂණ සහ වංචාවලින් වඩාත්ම තර්ජනයට ලක්ව ඇත්තේ කි‍්‍රකට් සහ පාපන්දු කී‍්‍රඩා බවද කී‍්‍රඩාවේ ආරක්‍ෂාව පිළිබඳව අන්තර්ජාතික මධ්‍යස්ථානයේ වාර්තාවෙන් දැක්වේ. එහෙත් ටෙනිස්, පැසිපන්දු, බැඞ්මින්ටන් සහ මෝටර් රථ තරග සඳහාද එහි බලපෑමක් ඇති බව එම වාර්තාවේ සටහන් වේ.

”කී‍්‍රඩාව සම්බන්ධයෙන් කෙරෙන සංවිධානාත්මක අපරාධ අතරේ දෙවැනි ගොදුර වෙලා තියෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාව කියන එක ගැන කිසිම සැකයක් නෑ”
”කී‍්‍රඩාව සම්බන්ධයෙන් ඔට්ටු බාරගැනීමේ ඉන්දීය යාන්ත‍්‍රණය එහි චීන යාන්ත‍්‍රණයටත් වඩා අපැහැදිළියි. එය චීන ක‍්‍රමවේදයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයට කි‍්‍රයාත්මක වෙන එකක්” ඊටන් මහතා පැවසීය.

ඉන්දියාවේ නීතිය අනුව කී‍්‍රඩාව සම්බන්ධයෙන්  ඕට්ටු දැමිය හැක්කේ තුරග තරග සඳහා පමණි. ඉන්දියාවේම ඇතැම් ප‍්‍රාන්ත වල ඔට්ටු දැමීම සම්පූර්ණයෙන්ම තහනම් වුවත් ඉන්දියාව තුළ කී‍්‍රඩා තරග සඳහා  ඕට්ටු දැමීම නීතිගත කරන්නය යයි ඉල්ලීම් කෙරෙමින් පවතී.

කී‍්‍රඩාවේ ආරක්‍ෂාව පිළිබඳව අන්තර්ජාතික මධ්‍යස්ථානයේ වාර්තාව අනුව නීත්‍යානුකූල නොවන ඔට්ටු වලින් ලැබෙන ආදායමෙන් 53% ක් ගලා එන්නේ ආසියාවෙනි. 

මේ වන විට චීන බලධාරීන් තත්ත්වය තරමක් පාලනය කිරීමේ පියවර ගෙන ඇති අතර ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ ප‍්‍රංශයද ඒ මග යන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් අග්නිදිග ආසියාවේ තවත් රටවල් කිහිපයක් වන වියට්නාමය, කාම්බෝජය, ලා ඕසය සහ තායිලන්තය වැනි රටවල් ඒ අසළක වත් නැති අතර ඒවායේ කෙරෙන ඔට්ටු දැමීම් විශාල ප‍්‍රමාණයක් පාලනය වන්නේ පාතාල සාමාජිකයන් අතිනි.

ආසියාවේ තත්ත්වය එසේ වුවත් යුරෝපයේ මෙන්ම මධ්‍යම සහ දකුණු ඇමරිකාවේද කී‍්‍රඩා තරග සම්බන්ධයෙන් ඔට්ටු දැමීම නැතැයි කිව නොහැකිය. මුදලට තරග පාවාදීමේ වැඩිම සිදුවීම් වාර්තා වන්නේ මේ කලාපයෙනි.

මෙම තත්ත්වය මැඩපැවැත්වීමට නම් රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් පවා විශාල සහයෝගයක් අවශ්‍ය බවත් මෙවැනි සංවිධානාත්මක අපරාධවලට මුහුණ දීමේ ශක්තිය අන්තර්ජාතික කී‍්‍රඩා සම්මේලෙන වලට නැති බවත් ඊටන් මහතා කියයි.

”දකුණු ආසියාවේ දැවැන්ත ඔට්ටු සමාගම් තියෙනවා. පිලිපීනයේත් තියෙනවා. ඒත් ඒවා කාගේද කියන්න කවුරුවත් දන්නේ නෑ”

”ආණ්ඩුවලටත් මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. කී‍්‍රඩාවට තනිවම මේ තත්ත්වයට මුහුණ දෙන්න බෑ. ඒකට හේතුව තමයි කී‍්‍රඩාව සම්බන්ධයෙන් ඔට්ටු දැමීමේ කිසියම් නියාමන ආයතනයක් නැතිකම. ඒ තත්ත්වය ඇතිකරන්න පුළුවන් ආණ්ඩුවලට විතරයි”

”මේ සටන ලෝකය පුරාම විය යුතුයි. මොකද මේක ලෝකය පුරාම පැතිරිලා”

”කී‍්‍රඩාව කියන්නේ ලෝක ව්‍යාප්ත දෙයක්. සංවිධානාත්මක අපරාධත් ඒ වගෙයි... මේ තත්ත්වයට මුහුණ නොදී, තම තමන්ගේ රටවල පමණක් තත්ත්වය පාලනය කරන්න හදන්නේ රට රටවල පවතින ආණ්ඩුයි. ඒත් ඇත්ත තත්ත්වය නම් ඔවුන්ට තනිවම එය කළ නොහැකි බවයි” කි‍්‍රස් ඊටන් මහතා වැඩිදුරටත් පැවසීය.

 


අදහස් (0)

තක්කඩින්ගෙන් කී‍්‍රඩාව බේරා ගැනීමට නම්.....

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.