ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ සංඛ අතුකෝරාල යන අද (22 වැනිදා) සමත්වූහ.
අද පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී පාකිස්තාන කී‍්‍රඩක හීරා ආෂික් පරාජය කරමින් දිනේෂ්කාන්තන් තංගරාජා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
සංඛ අතුකෝරාල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී අම්රේෂ් ජයවික‍්‍රම පරාජය කරමිනි.
රොෂෙන්කා ප‍්‍රනාන්දු සහ අම්රිතා මුත්තයියා කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
අවසන් පූර්ව වටයේ තරග වලදී රොෂෙන්කා ප‍්‍රනාන්දු විසින් කාවින්ද්‍ය ද සිල්වාද, අම්රිතා මුත්තයියා විසින් තෙව්නි දේවරාජාද පරාජය කරනු ලැබූහ.
තරගාවලියේ විවෘත අංශයේ පිරිමි සහ කාන්තා යුගළ අවසන් මහ තරග දෙක හෙට පැවැත්වීමට නියමිතය.
විවෘත (පිරිමි කේවල) අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
විවෘත (කාන්තා කේවල) අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.