Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩෙිවිස් කුසලාන ටෙනිස් තරග 17 දා සිට

ඩෙිවිස් කුසලාන ටෙනිස් තරග 17 දා සිට

Dilrukshi - 2015 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර පැවැත්වෙන ඬේවිස් කුසලාන (ආසියා ශාන්තිකර කළාපීය ii වැනි කාණ්ඩයේ) තරගාවලිය මේ මස 17 වැනිදා  ආරම්භ වේ. තරගාවලිය 17, 18 සහ 19 යන දිනවලදී කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය ජයග‍්‍රහණය ලබන කණ්ඩායමට 2016 වසරේදීත් ආසියා ශාන්තිකර කළාපීය ii   වැනි කාණ්ඩයේ රැදී සිටීමට හැකිවන අතර පරාජය වන කණ්ඩායමට iii වැනි කාණ්ඩය දක්වා පසුබැසීමට සිදුවනු ඇත.

2010 වසරේදී ආසියා ශාන්තිකර කළාපීය දෙවැනි කාණ්ඩයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාව මේ වන විට එම කාණ්ඩයේ වසර 5 කට ආසන්න කාලයක් රැදී සිටියේය.

ඉකුත් මාර්තු මාසයේදී පිලිපීනයේ මැනිලා නුවරදී පැවැති තරගාවලිය පිලිපීනය හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකාව දෙවැනි කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ අතර චීන තායිපේ හමුවේ ලද පරාජය නිසා ලෙබනනයටද එම ඉරණමම අත්විය. ඒ අනුව තවදුරටත් දෙවැනි කාණ්ඩයේ රැදී සිටිමට අවස්ථාව උදා කරගන්නා කණ්ඩායම තෝරා ගැනීම සඳහා මෙම තීරණාත්මක තරගාවලිය පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව මේ වන විට ඬේවිස් කුසලාන ශ්‍රේණිගත කිරීම් වල 63 වැනි ස්ථානයේ පසුවන අතර ලෙබනනය එහි 71 වැනි ස්ථානයේ පසුවේ.

ඬේවිස් කුසලාන තරගයට කේවල තරග 4 ක් සහ යුගළ තරගයක් ඇතුළත් වන අතර එහි කේවල තරග සිකුරාදා (17 වැනිදා) සහ ඉරිදා (19 වැනිදා) යන දින වලදීත්, යුගළ තරගය සෙනසුරාදාත් (18 වැනිදා) පැවැත්වීමට නියමිතය.

හර්ෂන ගොඩමාන්න, දිනේෂ්කාන්තන් තංගරාජා, ශාමාල් දිසානායක සහ සංඛ අතුකෝරාළ යන කී‍්‍රඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අතර එහි නායකයා ලෙස රොහාන් ද සිල්වා කටයුතු කරයි. රොහාන් ද සිල්වා කණ්ඩායමේ නායකයා වුවත් ඔහු තරග සඳහා ඉදිරිපත් නොවන අතර කණ්ඩායමේ උපාය විශේෂඥයා වශයෙන් කටයුතු කරයි.

ගියොවානි සමාහා, හාඩි හබීබ්, ජාඞ් බොල්ලවුට් සහ ඊබ්‍ර්හීම් අබූ චහීන් යන කී‍්‍රඩකයන්ගෙන් ලෙබනන කණ්ඩායම සමන්විත වන අතර හුසේන් බැඞ්ඩි‍්‍රඩයින් එහි නායකත්වය දරයි.

කොරියානු ජාතික චහූන් ඉම් මහතා මෙම තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන අතර ඉන්දීය ජාතික ලීනා නාගේෂ්කර් මහත්මිය විනිසුරුවන්ගේ ප‍්‍රධානියා ලෙසත්, ශ්‍රී ලංකා ජාතික අංජන ද සිල්වා, දිනූෂ විජේසූරිය සහ ධාරක එල්ලාවල යන මහත්වරුන් තරග විනිසුරුවරු ලෙසත් කටයුතු කරති.

 


අදහස් (0)

ඩෙිවිස් කුසලාන ටෙනිස් තරග 17 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.