Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියෙන් සමුගනී

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 17 ක් පුරා විහිදුනු තම ක්‍රිකට් දිවිය සම්පුර්ණයෙන්ම නවතා දැමීමට තමන් තීරණය කළ බව හිටපු දකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩිිවිලියර්ස් අද නිවේදනය කළේය. ඒඩ්‍රියන් බෙන්ජමින් ඩිවිලියර්ස් වූ ඔහු වැඩි දෙනා අතර ජනප්‍රිය වූයේ ‘ඒබී’ ලෙසිනි.  

2018 මැයි මාසයේ දී සියලුම ඡාත්‍යන්තර තරග වලින් විශ්‍රාම ගත් නමුත් නැවත දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමේ අදහසින් පසුගියදා පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු පිලට ඇතුළත් වීමට ඔහු සාකච්ඡා කරමින් සිටියේය. එහෙත් නිමාවූ ලෝක කුසලාන තරගාවලියේදී ඩිවිලියර්ස්ට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තැනක් නොවීය. 

37 හැවිරිදි ඩිවිලියර්ස්, තවමත් පෞද්ගලික හිමිකාරිත්වයක් ඇති ක්‍රිකට් කණ්ඩායම් සමගින් එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී සිටී. අවසන් වරට ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කළේය. 

තමන්ගේ විශ්‍රාම ගැනීම ගැන සදහන් කරන ‘ඒබී’ එය “යුගයක අවසානය” ලෙස හඳුන්වයි. 

“එය ඇදහිය නොහැකි ගමනක්, නමුත් මම සියලුම ක්‍රිකට් වලින් විශ්‍රාම ගැනීමට තීරණය කළා” යයි  ඩිවිලියර්ස් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

“අපේ ගේ පිටිපස්සේ, මගේ වැඩිමහල් සහෝදරයන් සමග, මම ක්‍රීඩාව කළේ පිවිතුරු සතුටකින් සහ අසීමිත උද්යෝගයකින්. දැන් වයස අවුරුදු 37 යි. ඒ උද්යෝගය තවදුරටත් එතරම් දීප්තිමත් ලෙස නෑ. මා පිළිගත යුතු යථාර්ථය එයයි. එය හදිසියේම පෙනෙන්නට තිබුණත්, ඇත්ත තත්ත්වය ඒක නෙමේ. මා අද මෙම නිවේදනය කරන්නේ එබැවිනි” 

“මට මගේ කාලයක් තිබුණා. ක්‍රිකට් ක්‍රීඩාව මට අතිවිශේෂ කරුණාවක් දැක්වුවා” යයි ඩිවිලියර්ස්ගේ නිවේදනයේ සටහන් වී තිබිණ. 
ප්‍රහාරාත්මක මෙන්ම විනෝදාස්වාදය ගෙන ආ පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කළ ඩිවිලියර්ස් කඩුඵ රැකීමට ද සමත් ක්‍රීඩකයෙකි.

පිටියේ සිව්කොණටම විහිදුනු ඔහුගේ පහර පුළුල් පරාසයක පැතිර තිබිණ. ඕනෑම අවස්ථාවකදී පිටියේ ඕනෑම පෙදෙසකට පන්දුව යැවීමට ඔහුට තිබී හැකියාව නිසාම ‘මිස්ටර් 360’ ලෙස බොහෝ විට ඔහුව හදුන්වනු ලැබේ. 

ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින ඡාත්‍යන්තර තරගවලදී ලකුණු 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් රැස්කර තිබේ. සියලුම ආකාරයේ විස්සයි 20 තරග වලදී ලකුණු 9424 ක් ලබාගනිමින් ඔහු විශ්‍රාම යයි.

- 8535


අදහස් (0)

ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.