Last Update  :  2025-12-09 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩැනිල් - උසෙයිත් සටනක් දී පරදිති
ලෝක බොක්සිං ශූරතාවලිය

ඩැනිල් - උසෙයිත් සටනක් දී පරදිති

editorial - 2025 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් ජාතික බොක්සිං සංගමයේ සංවිධානත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී පැවැත්වෙන 2025 පිරිමි බොක්සිං ලෝක ශූරතාවලියේ ඊයේ (8 වැනිදා) පැවැති 16 දෙනාගේ වටයේ තරගවලදී ඉතා තියුණු සටන් දෙකක නිරත වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඩැනිල් තිසරාරච්චි සහ මොහොමඩ් උසෙයින් පරාජයට පත් වූහ. 

ඊයේ රාත්‍රියේ පැවැති කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ 16 දෙනාගේ වටයේ තරගයකදී ජෝජියාවේ සාඛිල් අලක්වෙඩෝවි හමුවේ විනිසුරු තීරණ 5-2 ක් ලෙස ඩැනිල් පරාජයට පත් විය. උසෙයිත් පරාජයට පත් වූයේ කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ 16 දෙනාගේ වටයේ තරගයකදී මාලි රාජ්‍යයේ ටේ‍රඕර් ජිබ්රිල් හමුවේ විනිසුරු තීරණ 4-3 ක් ලෙසිනි. 

තරගාවලියේ හයවැනි දිනය වන අද කිලෝ ග්‍රෑම් 54 බර පංතියේ 16 දෙනාගේ වටයේ තරගයකදී සැමීබියාවේ ම්වෙන්ගෝ ම්වාලේට එරෙහිව ශ්‍රී ලංකාවේ රවිඳු කුමාර තරග බිමට පිවිසෙන අතර කිලෝ ග්‍රෑම් 71 බර පංතියේ අවසන් 16 දෙනාගේ වටයේ තරගයකදී ස්පාඥ්ඥයේ ෆ්‍රෑන්ක් මාර්ටිනස්ට එරෙහිව ශ්‍රී ලංකාවේ උදාර රූපස්සර තරග බිමට පිවිසෙනු ඇත.  

රටවල් 150 ක ක්‍රීඩකයන් 600 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 8 දෙනෙක් සහභාගි වූහ. එම ක්‍රීඩකයන්ගෙන් සිවු දෙනෙක් ඔවුන් නියෝජනය කළ බර පංතිවල මූලික වටවලදීද, දෙදෙනෙක් ඔවුන් නියෝජනය කළ බර පංතිවල 16 දෙනාගේ වටයේදීද පරාජයට පත් වූහ. 

ගයාන් රත්නසිරි (කි.ග්‍රෑ. 80 බර පංතිය), පත්මසිරි ගමගේ (කි.ග්‍රෑ. 67 බර පංතිය), පසිඳු මිහිරාන් (කි.ග්‍රෑ. 51 බර පංතිය) සහ රුක්මාල් ප්‍රසන්න (කි.ග්‍රෑ. 57 බර පංතිය) මෙම තරගාවලියේදී මූලික වටයෙන්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වූහ. 


අදහස් (0)

ඩැනිල් - උසෙයිත් සටනක් දී පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.