Last Update  :  2024-05-10 11:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩයලොග් පාපන්දු ශූරතාව කොළඹට

ඩයලොග් පාපන්දු ශූරතාව කොළඹට

Nisanka Sandeepani - 2018 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරගාවලිය පුරා එතෙක් අපරාජිතව පසුවූ රිනවුන් කණ්ඩායම ගෝල 1-0 කට පරාජය කරමින් කොළඹ ක්‍රීඩකයෝ පිට පිටම තෙවැනි වතාවටත් ඩයලොග් ශූරයන්ගේ පාපන්දු කුසලාන (2017) දිනා ගත්හ.

කොළඹ ක්‍රීඩා සමාජයට මෙවරත් තරගාවලියේ වාසනාව ගෙනා එකම ගෝලය 38 වැනි විනාඩියේදී දැල ආසන්නයටම යමින් ලබාගත්තේ එම්.එන්.එම්. ෆසල් විසිනි. පසුගිය වසරේදීත් මේ ආකාරයෙන්ම කොළඹ කණ්ඩායමට පරාජය වූ රිනවුන් කණ්ඩායමට එවරත් සිදුවූයේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමටය. කොළඹ කණ්ඩායම වසර 2014 දී පළමු වතාවට  ශූරයන්ගේ කුසලාන දිනා ඇත්තේ එවර ඔවුන්ට අවසන් තරගයේදී මුණගැසුණු යුදහමුදා කණ්ඩායම පරාජයට පත් කරමිනි.

කොළඹ තුරඟ තරග පිටියේදී අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ තරගාවලිය නිමාවට පත් කළ එම තරගය පැවැත්විණි.

රිනවුන් කණ්ඩායම මෙවර තරගාවලියේ වඩාත්ම අවාසනාවන්ත තත්ත්වයකට පත්වූයේ ඊයේ තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් කළත් ඔවුන්ට මෙම ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අවම අවස්ථාවක්ද උදාවී තිබියදීත්ය.

ඒ අතර මෙවර තරගාවලියේ විශේෂ සම්මාන ප්‍රදානයේදී වඩාත් කැපී පෙණුනු සිදුවීමක් වූයේ රන් පාවහන් (ගෝල්ඩන් බූට්ස්) සම්මානය ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර සමසේ බෙදීයාමත් ඔවුන් දෙදෙනාම විදේශීය ක්‍රීඩකයන් වීමත්ය.

ඒ අනුව අනුශූරතාලාභී රිනවුන් කණ්ඩායමේ නයිජීරියානු ක්‍රීඩක ජොබ් මයිකල් හා නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායමේ ඒ. එම්මානුවෙල් ගෝල 16 බැගින් ලබමින් මෙවර රන් පාවහන් සම සම්මානය ලැබූහ.

මෙම තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමත් රිනවුන් කණ්ඩායමට කුසලාන හිමිකර ගැනීමට ප්‍රමාණවත් වූ බැවින් තරගය ආරම්භයේ සිට ඔවුන් වඩාත් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වනු දැකිය හැකි විය.

එසේ වුවත් 38 වැනි විනාඩියේදී රිනවුන් කණ්ඩායම තීරණාත්මක ගෝලය වාර්තා කිරීමත් සමග එතැන් සිට පන්දුව ලුහුබඳිමින් තරගයේ ජය කෙසේ වෙතත් එය සම තත්ත්වයෙන් හෝ අවසන් කිරීමට උත්සාහ දැරීම ඔවුන්ගේ අභිප්‍රාය වූ බව පෙණුනි. 

ඒ නිසාම තරගය පසුභාගයේ වඩාත්  උණුසුම්කාරී තත්ත්වයට හැරුණු අතර කෙසේ වෙතත් ඒ හේතුවෙන් කොළඹ කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු හා රිනවුන් එක් ක්‍රීඩකයෙකු විනිසුරු ජී.එන්. රොබේෂ් මහතා වෙතින් දැඩි අවවාද ලබා තහනම් පත ලැබීය.

ඒ අතර දෙපිලේ ක්‍රීඩකයන් මාරු කළ ක්‍රීඩකයන්ගේ ආදේශ කිරීම් තුනක් බැගින් ද වාර්තා විය. තරගය පුරා දෙපිල වෙතින්ම මගහැරී ගිය තියුණු ගෝල අවස්ථා ගණනාවක්ද දැක ගන්නට ලැබුණි.

විශේෂයෙන්ම රිනවුන් කණ්ඩායම එසේ දැල ආසන්නයටම පතිත කළ පහර කීපයක් මගහැරයාම නරඹන්නන්ගේ විශ්මයට හේතුවූ බව පෙනුණි.
තරගයේ දක්ෂතම ගෝල රකින්නාට හිමි ගෝල්ඩන් ග්ලවුස් හෙවත් රන් අත් ආවරණය සම්මානය දිනා ගත්තේ රිනවුන් දැල් රකින්නා වන රෆීක් ඉර්ෂාඞ්ය.

ඊයේ තරගයේ තීරණාත්මක ගෝලය වාර්තා කළ එම්.එන්.එම්. ෆයිසාල්ට එය “තරගයේ වීරයා” වීමටද ප්‍රමාණවත් විය.

ඒ අනුව 2017 ශූරයන්ගේ තරගාවලිය ඊයේ නිමාවට පත්වන විට ජයග්‍රාහී කොළඹ කණ්ඩායම ප්‍රතිවාදීන්ට එරෙහිව මුළු ගෝල 46ක් රැස් කිරීමට සමත්ව තිබුණි. රිනවුන් කණ්ඩායම මෙවර මුළු තරගාවලියේදී ප්‍රතිවාදීන්ට එරෙහිව රැස්කර ගත් ගෝල ගණන 44කි.

මුළු තරගාවලිය පුරා කොළඹ කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදීන් ගෝල 18ක් රැස්කර තිබුණි. එහෙත් කොළඹ කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදීන් මුළු තරගාවලිය පුරා ලබාගෙන තිබුණේ ගෝල 11ක් පමණි.

කොළඹ කණ්ඩායම ඊයේ තරගය ජය ගත්තත් ඔවුන් හා ප්‍රතිවාදී රිනවුන් කණ්ඩායම අතර තරගාවලියේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40 බැගින් සමවීම කැපී පෙනුණි. එහෙත් ඊයේ තරගය රිනවුන් කණ්ඩායම අපරාජිතව අවසන් කළේ නම් ඔවුන්ට හිමිවන මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 43 කි. රිනවුන් කණ්ඩායම පෙර පැවැති ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව තරගය ජය ගැනීමට සමත්ව සිටියේ නම් ඊයේ තරගය ඔවුන් පරාජයට පත්වුවත් කුසලාන හිමිකර ගැනීමේ අවස්ථාව හිමිව තිබුණි.

මුළු තරගාවලිය පුරා කොළඹ කණ්ඩායම පරාජය වී තිබුණේ බේරුවල “සුපර් සන්” පිලට එරෙහිව පැවති එක් තරගයක් පමණි. ඒ අනුව ඊයේ තරගාවලිය නිමාවට පත්වන මොහොතේදී රිනවුන් කණ්ඩායමේ අපරාජිත කිරුළ ගලවා දැමීමට ද ඔවුහු සමත් වූහ.

 

 

තරගාවලියේ විශේෂ අවස්ථා 

ඡායාරූප - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර


අදහස් (0)

ඩයලොග් පාපන්දු ශූරතාව කොළඹට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.