Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිල්ෂාන් නැවතත් ශී‍්‍ර ලංකාවට එයි

ඩිල්ෂාන් නැවතත් ශී‍්‍ර ලංකාවට එයි

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති දෙවැනි එක්දින තරගයේදී ඇගිල්ලේ පන්දුව වැදීම නිසා තුවාල ලද තිලකරත්න ඩිල්ෂාන් බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගයට සහභාගි නොවී නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය. ඩිල්ෂාන්ගේ අඩුව පිරවීම සඳහා ළහිරු තිරිමාන්න ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට අද එක්වෙයි.

මිර්පූර්හිදී පැවැති දෙවැනි එකදින තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී පන්දුවක් ඇගිල්ලේ වැදීම නිසා අපහසුතාවට පත් ඩිල්ෂාන් එම තරගයේදී ලකුණු 8 කට දැවී ගියේය.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (22 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී කුමාර් සංගක්කාර විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

මේ මස 25 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලියේදී මහේල ජයවර්ධන සහ චතුරංග ද සිල්වා ශී‍්‍ර ලංකා එක්දින සංචිතයට එක්වනු ඇත.


අදහස් (6)

ඩිල්ෂාන් නැවතත් ශී‍්‍ර ලංකාවට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.