
(නාමල් පතිරගේ)
‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්‍ඩායම අද (5) රාත්‍රියේදී ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව මෙම 15 වැනිදා ජපානයේ ටෝකියෝ නුවර බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්‍ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු ඇතුළුව පුහුණුකරුවන් හා පරිවාර නිලධාරීන් 17 දෙනකු ඇතුළත් වේ.
ටෝකියෝ ඔලිම්පික් උළෙල මෙම ජුලි 23 වැනිදා ආරම්භ වීමෙන් පසුව අගෝස්තු 10 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග සංචාරය සාර්ථක කරගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් කෝටි 04කට ආසන්න මුදලක් වැය කරයි.
ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ ගෞරවණීය ආරාධිතයන් ලෙස ජුලි 23 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සහභාගි වේ.
අගෝස්තු 10 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සහභාගි වීමට නියමිතය.
ඔලිම්පික් උළෙලට සමගාමීව ටෝකියෝ හිදී පැවැත්වෙන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මහ සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා එහි මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන්ය.
ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්‍ඩායම:-
ක්‍රීඩක ක්‍රීඩිකාවන්:- නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන් - කේවල - පිරිමි), ටෙහානි එගොඩවෙල (ඉලක්කයට වෙඩි තැබීම - මීටර් 10 වායු රයිෆල් - කාන්තා), මැතිව් අබේසිංහ (පිහිනුම් - මීටර් 100 - නිදහස් ආර - පිරිමි), අනීකා ගෆූර් (පිහිනුම් - මීටර් 100 සමනලආර - කාන්තා), මිල්කා ගෙහානි (ජිම්නාස්ටික් - කාන්තා), මැටිල්ටා කාල්සන් (තුරග තරග - පැනීම් - කාන්තා), යුපුන් අබේකෝන් (මලල ක්‍රීඩා - මීටර් 100 - පිරිමි), නිමාලි ලියනආරච්චි (මලල ක්‍රීඩා - මීටර් 800 - කාන්තා), චාමර ධර්මවර්ධන (ජූඩෝ - කිලෝග්‍රෑම් 73 බර පන්තිය - පිරිමි)
පුහුණුකරුවන් හා පරිවාර නිලධාරීන්
කණ්‍ඩායම් ප්‍රධානී:- ගාමිණී ජයසිංහ, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී:- වින්ග් කොමදෝරු චන්දන ලියනගේ, කොවිඩ් මෙහෙයුම් බලලත් නිලධාරී:- වෛද්‍ය හිමාන් ද සිල්වා, පරිපාලන සම්බන්ධීකරණ නිලධාරිනී:- හංසිකා විජයගුණසේකර, බැඩ්මින්ටන් පුහුණුකරු හා ක්‍රීඩකයාගේ සහාය අභ්‍යාසක:- දිනුක කරුණාරත්න, ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුකරු:- ප්‍රදීප් එදිරිසිංහ, පිහිනුම් පුහුණුකරු:- මනෝජ් අබේසිංහ, ජිම්නාස්ටික් පුහුණුකරු:- රන්ජන තරංග, ජිම්නාස්ටික් කළමනාකරු:- කපිල ජීවන්ත, තුරඟ තරග කළමනාකරු:- සුරංජිත් ප්‍රේමදාස, පශු වෛද්‍යවරයා:- සෙඩ්රික් ජැකී ලිලියන් මරේ, බලලත් අභ්‍යාසක:- ඇනී මුඑලර්, අසරුවා බාර සේවක:- නිකෝලයි බොරිසොව් හා සහායක නිලධාරි:- මැක්ෆර්ඩ් වොන් යන මහත්ම මහත්මීන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.