Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෝකියෝ ඔලිම්පික් ඇරඹෙයි

ටෝකියෝ ඔලිම්පික් ඇරඹෙයි

editorial - 2021 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංණයේ සිට)

තිස් දෙවැනි ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ටෝකියෝහි ඔලිම්පික් (ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණය) ක්‍රීඩාංගණයේදී අද (23දා) රාත්‍රියේ පැවැත්විණි. ජපාන වේලාවෙන් ප.ව. 8.00ට (ශ්‍රී.ල. ප.ව. 4.30) ආරම්භ වූ මෙම උත්සවය, තාක්‍ෂණය බද්ධ වූ විචිත්‍රවත් හා ජපාන සාම්ප්‍රදාය විඳහා දැක්වෙන අංගයන්ගෙන් අලංකාර කර තිබුණි.

ඔලිම්පික් සම්ප්‍රදායට මුල්තැත දෙමින්, ග්‍රීසිය පෙරටුකොට ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් හා නියෝජනයන් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ සඳහා සහභාගි වූහ. ඊට 2016 රියෝ ඔලිම්පික් උළෙලේ සිට ක්‍රියාත්මක වන සරණාගත කණ්ඩායම හා ඔලිම්පික් තහනමට ලක්ව තිබෙන රුසියාවද (රුසියානු ඔලිම්පික් කමිටු ධජය යටතේ) ඇතුළත් විය. කෙසේ නමුත් කෝවිඩ්-19 ව්‍යසනය මධ්‍යයේ මෙවර ක්‍රීඩා උළෙල පැවැත්වෙන හෙයින් අඩු ක්‍රීඩක සහභාගිත්වයක් සමාරම්භක උත්සවයට එක්කිරීමට කටයුතු යොදා තිබුණි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායමේ ශ්‍රී ලංකා ධජය ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා සහ ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන දෙදෙනා රැගෙන ගියහ.

 


අදහස් (0)

ටෝකියෝ ඔලිම්පික් ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.