Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෙරනෝවා හයවැනි අදියර ජයගනී
ඩකාර් රැළිය - 2022

ටෙරනෝවා හයවැනි අදියර ජයගනී

editorial - 2022 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (7 වැනිදා) පැවැති හයවැනි අදියර ජයගැනීමට ආර්ජන්ටිනාවේ  ඕලොන්ඩෝ ටෙරනෝවා සමත් විය. රියාධ් ප‍්‍රදේශය වටා කිලෝ මීටර් 562 ක දුරකින් සමන්විත වූ එම අදියර ජය ගැනීම සඳහා ටෙරනෝවාට පැය 3 යි විනාඩි 06 යි, තත්ත්පර 45 ක කාලයක් ගත විය.

මේ වන විට 42 වැනි වියේ පසුවන ටෙරනෝවා සිය කී‍්‍රඩා දිවිය තුළදී ලැබූ පළමු ඩකාර් රැළි අදියර ජයග‍්‍රහණය මෙය විය. මෙම ජයග‍්‍රහණයත් සමග සමස්ත තරගයේ 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ටෙරනෝවා සමත් විය. ටෙරනෝවාට වඩා විනාඩි 1 යි, තත්ත්පර 06 ක් පසුපසින් තරගය නිමා කළ ස්වීඩනයේ මැටියාස් එක්ස්ට්‍රෝම් හයවැනි අදියරේ දෙවැනි ස්ථානයට පත්විය.

හයවැනි අදියරේ 10 වැනි ස්ථානයට පත්වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට කටාරයේ නේසර් අල් අතියා සමත් විය. එම අදිරය 6 නිමා කිරීම සඳහා අල් අතියාට ගතවී ඇති මුළු කාලය පැය 20 යි, විනාඩි 37 යි, තත්ත්පර 24 කි.

මෙම අදියරට පෙර සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවූ සවුදි අරාබියේ යසීඞ් අල් රාජි මෙම අදියර නිමා වීමත් සමග සමස්ත තරගයේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය. ඒ පස්වැනි අදියර අවසන් වන තෙක් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවූ ප‍්‍රංශයේ සෙබෙස්තියන් ලොබ්ට වඩා තත්ත්පර 6 ක් ඉදිරියට පැමිණිමෙනි.

හයවැනි අදියරෙන් අනතුරුව තමා සහ සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අල් රාජි අතර පැවැති කාල පරතරය විනාඩි 50 යි, තත්ත්පර 19 ක් දක්වා වැඩි කර ගැනීමටද අල් අතියා සමත් විය. සමස්ත තරගයේ තෙවැනි ස්ථානයේ පසුවන ලොබ් සහ අල් අතියා අතර පවතින කාල පරතරය විනාඩි 50 යි, තත්ත්පර 25 කි.

හයවැනි අදියරේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකර ගැනීමට සවුදි අරාබියේ යසීඞ් අල් රාජි සහ දකුණු අපි‍්‍රකාවේ බ‍්‍රයන් බරග්වානාත් සමත් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් ටෙරනෝවාට වඩා විනාඩි 1 යි, තත්ත්පර 49 ක් සහ විනාඩි 3 යි, තත්ත්පර 06 ක් පසුපසින් එම අදියර නිමා කළහ. ටෙරනෝවාට වඩා විනාඩි 3 යි, තත්ත්පර 34 ක් පසුපසින් සිටි ස්පාඤයේ නානි රෝමා හයවැනි අදියරේ පස්වැනි ස්ථානයට පත්විය.


හයවැනි අදියරේ ප‍්‍රතිඵලය
1  ඕලොන්ඩෝ ටෙරනෝවා (ආර්ජන්ටිනාව) - පැය 3 යි, විනාඩි 06 යි, තත්ත්පර 45 යි
2 මැටියාස් එක්ස්ට්‍රෝම් (ස්වීඩනය) - පැය 3 යි, විනාඩි 07 යි, තත්ත්පර 51 යි
3 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 3 යි, විනාඩි 08 යි, තත්ත්පර 34 යි
4 බ‍්‍රයන් බරග්වානාත් (දකුණු අපි‍්‍රකාව) - පැය 3 යි, විනාඩි 09 යි, තත්ත්පර 51 යි
5 නානි රෝමා (ස්පාඤ්ඤය) - පැය 3 යි, විනාඩි 10 යි, තත්ත්පර 19 යි


සමස්ත තරගයේ ප‍්‍රතිඵල
1 නේසර් අල් අතියා (කටාරය) - පැය 20 යි, විනාඩි 37 යි, තත්ත්පර 24 යි
2 යසීඞ් අල් රාජි (සවුදි අරාබිය) - පැය 21 යි, විනාඩි 27 යි, තත්ත්පර 43 යි
3 සෙබෙස්තියන් ලොබ් (ප‍්‍රංශය) - පැය 21 යි, විනාඩි 27 යි, තත්ත්පර 49 යි
4 ලූසියෝ අල්වාරෙස් (ආර්ජන්ටිනාව) - පැය 21 යි, විනාඩි 44 යි, තත්ත්පර 22 යි
5 ජකූබ් ප‍්‍රසිගොන්ස්කි (පෝලන්තය) - පැය 21 යි, විනාඩි 53 යි, තත්ත්පර 49 යි

ඕලොන්ඩෝ ටෙරනෝවා (දකුණේ)

-036


අදහස් (0)

ටෙරනෝවා හයවැනි අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.