Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණතින් පා දඟ පන්දු යවන්නී, ටූබා හසන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (24 වැනිදා) කරච්චියේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ටූබා හසන් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි.
එහිදී නිලකුණු ඕවරයක්ද සමග සිය ඕවර 4 ලකුණු 08 කට සීමා කළ ටූබා හසන් කඩුලු 3 ක් බිඳහෙළීමටය සමත් වූවාය. ශ්‍රී ලංකා කාන්තා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඇයට අනගි සහායක් දුන් අනාම් අමීන් ලකුණු 21 කට කඩුලු 3 ක්ද, අයිමාන් අන්වර් ලකුණු 32 කට කඩුලු 2 ක්ද දවාගත්හ.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණියන් වූ හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 25 බැගින් රැස්කළහ. පන්දු 35 කදී වාර්තා වූ මාධවීගේ ඉනිම හතරේ පහර 2 කින්ද, පන්දු 22 කදී වාර්තා වූ නිලක්ෂිගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින්ද සමන්විත විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩිකාවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කළ නිඩා ඩාර් පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 106
(හර්ෂිතා මාධවී 25, අනුෂ්කා සංජීවනී 16, නිලක්ෂි ද සිල්වා 25, ටූබා හසන් 08/3, අනාම් අමීන් 21/3, අයිමාන් අන්වර් 32/2)
පාකිස්තාන කාන්තා පිල - ඕවර 18.2 කදී කඩුලු 4 කට 107
(මුනීබා අලී 18, ඉරාම් ජාවිඩ් 18, බිස්මා මාරූෆ් 28, නීඩා දාර් නොදැවී 36, ඕෂධී රණසිංහ 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.