Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ටස්කින් අහමඩ් සහ ෂොරිෆුල් ඉස්ලාම් දෙදෙනාටම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමි වන බව බංග්ලාදේශයෙන් වාර්තා වේ. දෙදෙනාම ශාරීරික ආබාධවලට මුහුණ දී සිටින අතර ඔවුන් දෙදෙනාගෙන් ටස්කින් අහමඩ්ට ටෙස්ට් තරග දෙකම අහිමි වන බවත් දැනගන්නට ඇත.
ඉදිරියේ එන කාර්යබහුල තරග සමය වෙනුවෙන් පූර්ණ සුවය ලබා සූදානම් වන ලෙස වසර 5 ක සිට බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ටස්කින් අහමඩ් සහ ෂොරිෆුල් ඉස්ලාම් දෙදෙනාටම බංග්ලාදේශ තේරීම් කමිටුව දැනුම් දී තිබේ.
පාදයේ වළලුකර ආබාධයකට ලක්වී සිටින ෂොරිෆුල් ඉස්ලාම්ට මේ මාසයේදී පැවැති දකුණු අප්‍රිකානු තරගාවලිය අහිමි විය. එම ආබාධයෙන් ඔහු සුවය ලබා සිටියද, බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගේ අරමුණ වන්නේ උදරයේ පවතින ගැටළු කිහිපයක් වෙනුවෙන් වැඩිදුර ප්‍රතිකාර සහ අවශ්‍ය වුවහොත් තවත් ශල්‍යකර්මයක් සඳහා ෂොරිෆුල් වෙනත් රටකට යැවීමයි.
ටස්කින් අහමඩ්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී උරහිසේ ආබාධයකට ලක්වූයේය. ඒ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග දෙකම අහිමි වනු ඇත.
අයි.පී.එල්. තරගාවලියට නොයා, දකුණු අප්‍රිකාවේදී බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ටස්කින් අහමඩ්ට කිසියම් මුදලක් ප්‍රදානය කිරීමටද බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සලකා බලමින් සිටී. එය හිටපු නායක මෂ්රාෆි මොර්ටසා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමකි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.