Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොන්ග්වේ - මඩාන්ඬේ සිම්බාබ්වේ දිනවති
දෙවැනි වි-20 තරගය

ජොන්ග්වේ - මඩාන්ඬේ සිම්බාබ්වේ දිනවති

editorial - 2024 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවසන් පන්දු 13 න් ලකුණු 35 ක් උදුරාගත් ලූක් ජොන්ග්වේ (නොදැවී 25) සහ ක්ලයිව් මඩාන්ඬේ (නොදැවී 15) එක්ව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 4 ක විශිෂ්ට ජයක් කරා සිම්බාබ්වේ පිල කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් වි-20 තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කොළඹදී ලබාගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ මංගල විස්සයි-20 ජයග්‍රහණයයි. 

වසර 2008 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි-20 අන්තර්ජාතික තරග 5 ක් පැවැත්වී ඇතත් ශ්‍රී ලංකාව පරාජය වූයේ මුල්ම වතාවටයි. 

ලකුණු 174 ක ඉලක්කයක් කරා ගිය සිම්බාබ්වේ කණ්ඩායම 17 වැනි ඕවරය නිමාවේදී ලබා සිටියේ ලකුණු 132 කි. කඩුලු 5 ක් අතැතිව සිටි සංචාරකයන්ට තරගය ජයගැනීමට නම් ඕවර 3 කදී (පන්දු 18 කින්) ලකුණු 42 ක් අවශ්‍ය වී තිබිණ. එතැන් සිට දුෂ්මන්ත චමීරගෙන් ලකුණු 12 ක්, ඩිල්ෂාන් මධුශංකගෙන් ලකුණු 10 ක් සහ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලකුණු 24 ක් ලෙසින් ලබාගත් ලූක් ජොන්ග්වේ සහ කල්යිව් මඩාන්ඬේ සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. 

එක්දින තරගාවලියේදී නායකත්වය දැරූ ක්‍රෙග් අර්වින්, සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම බවට පත්ව සිටියේය. පන්දු 54 කට මුහුණ දෙමින්, පස්වැනි කඩුල්ල බිඳ වැටෙන තුරුම පිටියේ සිටි ආරම්භක පිතිකරුවා, ලකුණු 70 කින් තම කණ්ඩායම සවිමත් කළේ හතරේ පහර 6 ක් සහ අලංකාර හයේ පහර දෙකක් ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. 

අර්වින් දැවී යාමට පෙර සිම්බාබ්වේ ඉනිමට අවශ්‍ය ජවය එක්කර තිබිණ. පසුපෙළ පිතිකරුවන්ට තිබුණේ එය ඉදිරියට තල්ලු කිරීම පමණි. 

චරිත් අසලංක (69) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 66) දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 118 ක විශිෂ්ට සම්බන්ධතාවට ස්තුති කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය. තරගය ආරම්භ වීමෙන් ඕවර 4.4 ඇතුළත, ලකුණු 27 කට කඩුලු 4 ක් බිඳ වැටීමෙන් පසුව ශ්‍රී ලංකා පිල ගොඩගත් අසලංක සහ මැතිව්ස් දෙදෙනා විස්සයි-20 තරගයකදී සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ. 

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් වනිඳු හසරංග කීවේත් කාසියේ වාසිය දිනාගත්තා නම් තමන් පළමුවෙන් පන්දුවට පහර දෙන බවයි. එහෙත් ගහන ගහන පහරින් පන්දුව ක්‍රීඩකයන් වෙතට යාම නිසා පන්දු 6 කින් ලකුණක් පමණක් ලබා සිටි නිස්සංක බෙහෙවින් අසහනයට පත්ව සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙසින්, මිඞ් විකට් කලාපය ඉලක්ක කරමින් නිස්සංක ගැසූ පහරින් ඉගිළ ගිය පන්දුව තර්ඞ් මෑන් හි සිටි ලූක් ජොන්ග්වේගේ දෑත් අතර සැඟවී යද්දී නිස්සංක මහත් කළකිරීමෙන් යුතුව ආපසු ක්‍රීඩාගාරයට ගියේය. 

කුසල් ජනිත් පෙරේරා මුහුණ දුන් එකම පන්දුවෙන් බැක්වර්ඞ් පොයින්ට් හි සිටි රයන් බර්ල්ට උඩපන්දුවක් ලැබිණ. කුසල් පෙරේරාගේ දැවී යාමෙන් පසුව ඕවර 3 ක් ඇතුළතදී ලකුණු 27 කට කඩුලු 4 ක් ලෙසින් පුවරුවේ සටහන් විය. 

ආරම්භයේදී තරමක් ප්‍රවේසමෙන් පන්දුවට පහර දෙමින් තම කඩුලු ආරක්‍ෂා කරගත් මැතිව්ස් සහ චරිත් අසලංක දෙදෙනා, 12 වැනි ඕවරයෙන් පසුව අත දිගහැර පන්දුවට පහර දෙමින් සිම්බාව්බේ පන්දු යවන්නන් අන්ද මන්ද කරන්නට වූහ. පන්දු 31 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අසලංකගේ පන්දු 39 ඉනිම හතරේ පහර 5 කින් සහ චිත්තාකර්ශනීය හයේ පහර 3 කින් සමන්විත විය. මැතිව්ස් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 45 කිනි. එහෙත් අසලංක පිටියෙන් ඉවත්ව යාමත් සමගින් තරගයේ පාලනය සියතට ගත් මැතිව්ස්, අලංකාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ද සමගින් ලකුණු 66 ක් ලබාගත්තේ පිට පිට දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටි අගාධයෙන් ගොඩ ගනිමිනි. 

බ්ලෙසිං මුසෙරබානි කඩුල්ලක් දවාගනිමින්... 

 


අදහස් (0)

ජොන්ග්වේ - මඩාන්ඬේ සිම්බාබ්වේ දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.