Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික්ට විශේෂ අවසරයක්
ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය

ජොකොවික්ට විශේෂ අවසරයක්

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩක සර්බියාවේ නොවැක් ජොකොවික්ට  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීම සඳහා තරගාවලියේ වෛද්‍ය කමිටුවේ විශේෂ අවසරය ලැබී තිබේ. ඒ අනුව ඔහු සිය ශූරතාව රැුකගැනීමේ අරමුණින් මෙවර තරගාවලියට සහභාගි වනු ඇත.

තරගාවලියට සහභාගි වන සියලූම කී‍්‍රඩකයන් සහ ඔවුන්ගේ සහායකයන් අනිවාර්යෙන්ම කොවිඞ්-19 මර්දන එන්නතක් ලබාගෙන තිබිය යතු වුවත්, 34 හැවිරිදි ජොකොවික් තමා එන්නත්කරණයට ලක්වී ඇත්දැයි යන්න පිළිබඳව ප‍්‍රසිද්ධියේ කිසිවක් ප‍්‍රකාශ කර නොමැත.

කෙසේ වුවත්  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියේ ප‍්‍රධානී කේ‍්‍රග් ටිලේ මහතා කියා සිටියේ නමවරක්  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ඇති ජොකොවික්ට තරගාවලියේ නීති රීතිවලට පිටින් කිසිදු විශේෂයක් කර නොමැති බවයි.

”වෛද්‍ය අවසරය සඳහා අයැදුම් කරන  ඕනෑම කී‍්‍රඩකයකුට හෝ කී‍්‍රඩිකාවකට එම කි‍්‍රයාවලියේ නිවැරදි භාවය පිළිබඳව සහතික කිරීමට අපි බැඳිලා ඉන්නවා. එහිදී අපේ වෛද්‍ය විශේෂඥයන් ඉතාමත් ස්වාධිනව වැඩ කරනවා. තරගකරුවන් 26 දෙනෙක් අපිට අයැදුම් කරලා තිබුණා. නමුත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට විතරයි වෛද්‍ය අවසරය ලැබුණේ.” යැයිද ටිලේ මහතා පැවසීය.

”ජොකොවික්ට විතරක් නෙමෙයි එම කි‍්‍රයාවලියෙදි අපි කිසිම කී‍්‍රඩකයකුට විශේෂයක් කළේ නෑ. එහිදී හැම කෙනෙකුටම එක වගේ සැලකීමට අපි වගබලා ගත්තා.” යැයිද වැඩිදුරටත් අදහස් දක්වමින් ටිලේ මහතා කියා සිටියේය.
 
ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය මේ මස 17 වැනිදා මෙල්බර්න් නුවරදී ආරම්භ වීමට නියමිත අතර ඊයේ (4 වැනිදා) ජොකොවික් තරගාවලිය සඳහා සිය සහභාගීත්වය තහවුරු කරමින් ට්විටර් පණිවිඩයක්ද නිකුත් කළේය.

”විවේකයෙන් ගත කරපු කාලයේදී මම මගේ හිතවතුන් සහ පවුලේ උදවිය සමග ඉතාමත් සතුටින් කල්ගත කළා. දැන් මට  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියට සහභාගි වීමට අවසර ලැබිලා තිබෙනවා. 2022 වසර ආරම්භ කරමින් නැවතත් තරග බිමට පිවිසීමට මම සූදානම්.” යැයි ඔහුගේ ට්විටර් පණිවිඩයේ සඳහන්ව තිබිණ.

-036

 


අදහස් (0)

ජොකොවික්ට විශේෂ අවසරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.