Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික් මුහුණු ආවරණ නැතිව

ජොකොවික් මුහුණු ආවරණ නැතිව

editorial - 2022 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය වැළඳී ඇතැයි පසුගිය දෙසැම්බර් 16 වැනිදා පැවැති පරීක්‍ෂණයකින් තහවුරු වී තිබියදීත්, ඊට පසුවදා බෙල්ගේ‍්‍රඞ්හි පැවැති තරුණ ක‍්‍රීඩකයින්ගේ ඉසව්වකට නොවැක් ජොකොවික් මුහුණු ආවරණ නොමැතිව පෙනී සිටියේ යයි ඔහුගේ නීතිඥවරු සෙනසුරාදා කියා සිටියහ.

ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීම සඳහා මෙල්බර්න් නුවරට පැමිණි සර්බියානු කී‍්‍රඩක නොවැක් ජොකොවික්ගේ වීසා අත්හිටුවමින් ඔහුව මෙල්බර්න් නුවර රඳවාගනු ලැබ සිටී. එබැවින් ජොකොවික්ගේ ප‍්‍රවේශ වීසා අවලංගු කිරීම බල රහිත කරන ලෙස ඉල්ලා මෙල්බර්න් නුවර ෆෙඩරල් උසාවියට ගොනු කරන ලද නඩුවකදී, ජොකොවික්ගේ නීතීඥවරුන් කියා සිටියේ ”ජොකොවික්ගේ පළමු ධනාත්මක කොවිඞ් 19 පරීක්ෂණයේ දිනය 2021 දෙසැම්බර් 16 වැනිදායි” කියාය.

එසේ වුවත්, බෙල්ගේ‍්‍රඞ් ටෙනිස් සම්මේලනය, දෙසැම්බර් 17 දින උත්සවයෙන් පසු ෆෙස්බුක් සටහනක් මගින් වාර්තා කළේ, 2021 වසරේ හොඳම තරුණ ක‍්‍රීඩකයින් සඳහා ජෝකොවික් කුසලාන සහ සම්මාන පිරිනැමූ බවයි. කොරෝනා වෛරස් වසංගතයට අදාළ ක‍්‍රියාමාර්ග හේතුවෙන් සර්බියානු අගනුවර නොවැක් ටෙනිස් මධ්‍යස්ථානයේදී පැවති එම උත්සවයට සහභාගී වූයේ සම්මානලාභීන් පමණක් බවද, බව සර්බියානු ටෙනිස් සම්මේලනයේ ප‍්‍රකාශය වැඩිදුරටත් හෙළිදරව් කරයි.

උත්සවයෙන් පසුව, සම්මේලනයේ නිලධාරීන් සහ තරුණ ක‍්‍රීඩකයින් 20 දෙනෙකු සමඟ පෙනී සිටි ජොකොවික්ගේ ඡුායාරූප කිහිපයක් ද එහි විය. කිසිවෙක් වෙස්මුහුණක් පැළඳ සිටියේ නැත. මෙම සිදුවීම සර්බියානු මාධ්‍යවල පුළුල් ලෙස වාර්තා විය.

දෙසැම්බර් 16 වැනි දින තවත් උත්සවයකට ජොකොවික් සහභාගී වූ අතර, සර්බියාවේ ජාතික තැපැල් සේවය ඔහු සහ ඔහුගේ ක‍්‍රීඩා ජයග‍්‍රහණ ඇතුළත් මුද්දර මාලාවක් එළිදැක්වීමෙන් ඔහුට ගෞරව කරන ලදී. ජොකොවික් දෙසැම්බර් 17 වන දින එම උත්සවයේ ඡුායාරූපයක් සිය ඉන්ටග‍්‍රෑම් ගිණුමේ ප‍්‍රකාශයට පත් කළේය.

සර්බියාවේ තත්ත්වය එසේ වූවත්, පසුගිය බදාදා (05 වැනිදා) ජොකොවික් මෙල්බර්න් නුවරට ගොඩබසින විට  ඕස්ටේ‍්‍රලියාවේ දැනට පවතින දැඩි නීතිරීති සහ කොවිඞ්-19 මර්දන එන්නත් අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම නිසා ජොකොවික්ගේ ඇතුල්වීමේ වීසා සැණෙකින් අවලංගු කෙරිණ. එතැන් සිට 34 හැවිරිදි සර්බියානු ජාතිකයා මෙල්බර්න් රැුඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටී.

ජොකොවික් රඳවා තබාගෙන සිටින අකාරය සම්බන්ධයෙන් ඔහුගේ උපන් දේශය වන සර්බියාවේ කෝපය සහ ජාතිවාදය පිළිබඳ චෝදනා අවුලූවා තිබේ. සර්බියානු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පැවසුවේ නොවැක් ජොකොවික් ”දේශපාලන දඩයමක්” වී ඇති බවයි.

මේ අතර ජොකොවික් වෙනුවෙන් සහාය දැක්වීම සඳහා සෙනසුරාදා විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබිණ. ටෙනිස් ශූරයාට සහය දැක්වීම සඳහා අඛණ්ඩව දින දෙකක් බෙල්ගේ‍්‍රඞ් හි සියගණනක් පෙළ ගැසී ඇත.

ජොකොවික්ගේ අභියාචනය සඳුදා අධිකරණයේදී විභාගයට ගැනේ.

ජොකොවික් රඳවාතබා ඇතැයි සැලකෙන ස්ථානය

- 213

 


අදහස් (0)

ජොකොවික් මුහුණු ආවරණ නැතිව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.