Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු ජේසන් රෝයි වෙනුවට ජේම්ස් වින්ස් එංගලන්ත කණ්ඩායමට කැඳවීම සඳහා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අවසරය හිමි වී ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.
ක්‍රිස් ටෙට්ලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුව ක්ලයිව් හිටිච්කොක්, රාහුල් ද්‍රාවිඩ්, ධිරාජ් මල්හෝත්‍රා, සයිමන් ඩෝල් සහ ඉයන් බිෂොප් යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේ පන්දුවට පහරදෙමින් සිටියදී ජේසන් රෝයි කළවේ ආබාධයකට ලක්විය. සුපිරි 12 දෙනාගේ වටයේදී තරග 5 කට ක්‍රීඩා කළ ඔහු එහිදී අර්ධ ශතකයක් සමග ලකුණු 123 ක් රැස්කළේ 30.75 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.
ඔහුගේ හිඩැස පිරවීම සඳහා කණ්ඩායමට එක්වූ ජේමස් වින්ස්, විස්සයි-20 තරග 12 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී අර්ධ ශතකයක් සමග ලකුණු 340 ක් රැස්කිරීමටද සමත්ව ඇත. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 28.33 ක් ලෙස සටහන් වන අතර ලකුණු රැස්කිරීමේ වේගය 123.63 ක අගයක් ගනී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.