Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 4 වැනි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් පිල ඕවර 12.3 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජය ගැනිමට සමත්විය.
ටොම් කොහ්ලර්-කැඩ්මෝ පන්දු 30 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 33 ක් ලබාගත්තේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ශොයිබ් මලික් පන්දු 10 කදී හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 26 ක් ලබාගනිමින් ජැෆ්නා කිංග්ස් පිලේ ජයග්‍රහණයට දායක විය.
සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඉම්රාන් තහීර් සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් කඩුල්ලක් දවාගත් අතර ඕවර 3 කදී ලකුණු 39 ක් ලබාදුන් නුවන් ප්‍රදීප්ද එක් කඩුල්ලකට හිමිකම් කීය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් පිල ලකුණු 110 කට සීමා කිරීමට ජැෆ්නා කිංග්ස් පිල සමත්විය.
ලකුණු 23 ක් ලබාගත් නුවනිඳු ප්‍රනාන්දු පමණක් ලකුණු 20 සීමාව පසු කිරීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණිමට ජැෆ්නා කිංග්ස් පිලේ පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ. පන්දු 25 කට මුහුණදුන් නුවනිඳු ප්‍රනාන්දුගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින්ද, ජේඩ්න් සීල්ස් සහ සුරංග ලක්මාල් කඩුලු 2 බැගින්ද දවාගනිමින් දඹුල්ල ජයන්ට්ස් පිලේ පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.
තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ජැෆ්නා කිංග්ස් පිලේ මහීෂ් තීක්ෂණ දිනාගත්තේය.
දඹුල්ල ජයන්ට්ස් - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 110
(නුවනිඳු ප්‍රනාන්දු 23, චාමික කරුණාරත්න 18, වනිඳු හසරංග 16/3, මහීෂ් තීක්ෂණ 22/3, ජේඩ්න් සීල්ස් 23/2, සුරංග ලක්මාල් 28/2)
ජැෆ්නා කිංග්ස් - ඕවර 12.3 කදී කඩුලු 2 ක් දැවී 114
(අවිශ්ක ප්‍රනාන්දු 33, ටොම් කොහ්ලර්-කැඩ්මෝ නොදැවී 45, ශොයිබ් මලික් නොදැවී 26)
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇසුරෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.