Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජැක් යැවූ පන්දුව බියර් වීදුරුවේ
නොටිංහැම් ටෙස්ට් තරගය

ජැක් යැවූ පන්දුව බියර් වීදුරුවේ

editorial - 2022 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රිතාන්‍ය ක්‍රිකට් ලෝලී කාන්තාවකගේ බියර් වීදුරුවට පන්දුව දැමූ ඩැරිල් මිචෙල් (නොදැවී 81) සහ ටොම් බ්ලන්ඩල් (නොදැවී 67) දෙදෙනා එක්ව ටේ‍රන්ට්බි්‍රජ් පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අරම්භක දිනය වන අද (10 වැනිදා) සවස් වන විට නවසීලන්තයට වාසිදායක තත්ත්වයට තරගය ගෙන ආවෝය. තරගයේ පළමු දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 318 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්තය, පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් ඔවුන්ගේ සාර්ථකත්වය පැවැතියේ දිවා ආහාරයට පෙර විනාඩි 100 කට ආසන්න කාලයක් පමණි. එතැන් සිට තරගය ක්‍රම ක්‍රමයෙන් එංගලන්තයෙන් ඈතට ඇදගෙන ගිය නවසීලන්ත පිතිකරුවෝ, තේ පානය වන විට කඩුලු 4 කට ලකුණු 195 ක් ලබා සිටිහ.

තේ පානයෙන් පසුව එංගලන්ත පන්දු යවන්නන්ට බුරුළක් නොදුන් ඩැරිල් මිචෙල් විසින්, දඟ පන්දු යවන්නා වන ජැක් ලීච්ගේ පන්දුවකට ගැසූ පහරකින් හතරේ සීමාවට ඉහළින් ඉගිළුණු පන්දුව, කාන්තාවකගේ බියර් වීදුරුවට වැටිණ.

“ඒක ප්ලොප් ගාගෙන බියර් වීදුරුවට වැටුණා” යයි බී.බී.සී. ක්‍රිකට් විස්තර විචාරකයෙක් පැවසීය.

බී.බී.සී. විස්තර විචාරයට එක්ව සිටි, එංගලන්ත පිලේ හිටපු දඟ පන්දු යවන්නකු වන පිලිප් ටෆ්නෙල් කීවේ ඉළ ඇදෙන කතාවකි.

“මොනවද කරන්නේ ජැක්.. මේ හාදයාව නවත්වනවකෝ... දැන් බලනවා, තමුසෙගේ පන්දු යැවීම හින්දා මේ ක්‍රිකට් තරග බලන නරඹන්නන්ට වීදුරු වලටත් ගෙවන්න වෙනවා” යයි ටෆ්නෙල් කීවේය. ජැක් ලීච්ගේ පන්දුවකට හතරේ පහරක් ගැසූ ඩැරිල් මිචෙල් ඊළඟ පන්දුව පයින්ට් එකක බියර් වීදුරුවක් තුළට යැවූයේය.

කෙසේ වෙතත් නවසීලන්තයේ මෙම වාසිදායක තත්ත්වයට, හිටපු නායක ජෝ රූට් සහ සැක් ක්‍රෝලි දෙදෙනා වෙතින් උඩපන්දු දෙකක් ගිළිහී යාමත් හේතුවක් විය.

පළමු ටෙස්ට් තරගයේදී ජයගත් එංගලන්තය, තරග 3 කින් සමන්විත තරාගවලියේදී 1-0 ක් ලෙසින් දැනටමත් පෙරමුණ ගෙන සිටී. එබැවින් මෙම තරගය දෙපිලටම අතිශයින් තීරණාත්මක එකකි.

කොවිඩ්-19 වයිරසය අසාදනය වීම හේතුවෙන් නවසීලන්තයේ නිත්‍ය නායක කේන් විලියම්සන් මෙම තරගයට ක්‍රීඩා නොකරයි. එබැවින් ටොම් ලෙතම් නවසීලන්ත පිලේ නායකත්වය බාරගෙන තිබේ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ විල් යංග් සහ ටොම් ලෙතම් ලකුණු 84 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත්, දෙදෙනාම, පිට පිට පන්දු දෙකකදී දැවී ගියහ.

ඩැරිල් මිචෙල් එක ලකුණක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ජෝ රූට් වෙතින් ගිළිහී ගියේය. එතැනින් වාසිය ගත් මිචෙල් දිනය අවසන් වන තුරුම කඩුල්ල රැකගත්තේ පන්දු 147 කට මුහුණ දෙමින්, හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සහිත ලකුණු    81 ක් ලබාගනිමිනි.

පන්දු 136 කින් පැමිණි ටොම් බ්ලන්ඩල්ගේ ලකුණු 67 ට හතරේ පහර 8 ක් ඇතුළත්ව තිබිණි.

නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 4 ට 318
(ටොම් ලෙතම් 26, විල් යංග් 47, ඩෙවොන් කොන්වේ 46, හෙන්රි නිකොල්ස් 30, ඩැරිල් මිචෙල් නොදැවී 81 යි, ටොම් බ්ලන්ඩල් නොදැවී 67, ජේම්ස් ඇන්ඩසන් 42/2, බෙන් ස්ටෝක්ස් 40/2)

-213


අදහස් (0)

ජැක් යැවූ පන්දුව බියර් වීදුරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.