විවෘත කණිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ සමස්ථ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනාගැනීමට සචින් ද සිල්වා සමත්විය. එහි සමස්ථ අනුශූරතාව ප්‍රශාන් පීරිස්ට හිමිවිය. මෙම තරගාවලිය රන්, රිදී, ලෝකඩ ලෙස කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වුණ අතර එම ඒක් එක් කාණ්ඩ සදහා වෙන වෙනම ත්‍යාග පිරිනැමිණ.
මෙහිදී රන් කාණ්ඩය අවුරුදු 15 ත් 17 ත් අතර වයස් කාණ්ඩ වල ක්‍රීඩක කී‍්‍රඩිකාවන් සදහාඳ, රිදී කාණ්ඩය අවුරුදු 11 ත් 14 ත් අතර වයස් කාණ්ඩ වල ක්‍රීඩක කී‍්‍රඩිකාවන් සදහාඳ, ලෝකඩ කාණ්ඩය අවුරුදු 10 සහ 10 න් පහළ වයස් කාණ්ඩ වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සදහාඳ විවෘත විය.
තරගාවලියේ ප්‍රධානම කාණ්ඩය වන රන් කාණ්ඩයේ පසුගිය වසරේ ශූරයා වූ සචින් ද සිල්වා, මෙවරද පහර 224 ක් සමගින් එම කාණ්ඩයේ ශූරතාව නැවතත් වරක් තමන් සතුකරගත් අතර දින තුන තුළදී ඔහු පිළිවෙළින් පහර 75 කින්, 74 කින්, සහ 75 කින් තරගය නිමා කළේය.
සචින්ට වඩා පහර 6 ක් පසුපසින් තරගය නිමා කළ ප්‍රශාන් පීරිස් සහ සෆාර් සිකන්දර්, පිළිවෙළින් රන් කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
ති‍්‍රකුණාමලයේ පැවති විවෘත කළාප ගොල්ෆ් තරගාවලිය ජයගත් ඉෂිර ප්‍රනාන්දු පහර 245 ක් සමගින් රිදී කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේය. සත්සර දිල්ෂාන් සහ ආමන්ඞ් ෆ්ලාමර් පිළිවෙළින් පහර 253 ක් සහ 266 ක් බැගින් රැුස්කරමින් එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූහ.
ලෝකඩ කාණ්ඩයේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනාගැනීමට ඇමරිකාවේ සිට පැමිණි නයිජල් ප්‍රනාන්දු සමත්වූ අතර ඞී. එස්. සේනානායක විදුහලේ මහීෂ හිරුශාන් එම කාණ්ඩයේ අනුශූරතාව හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
තරගාවලයේ ප්‍රතිඵල
රන් කාණ්ඩය (අවු. 15 - අවු. 17)
1 සචින් ද සිල්වා - 75 + 74 + 75 = 224
2 ප්‍රශාන් පීරිස් - 76 + 79 + 75 = 230
3 සෆාර් සිකන්දර් - 76 + 74 + 80 = 230
රීදී කාණ්ඩය (අවු. 11 - අවු. 14)
1 ඉෂිර ප්‍රනාන්දු - 91 + 77 + 77 = 245
2 සත්සර දිල්ෂාන් - 85 + 87 + 81 = 253
3 අර්මන්ඞ් ෆ්ලාමර් - 83 + 90 + 93 = 266
ලෝකඩ කාණ්ඩය (අවු. 10 සහ අවු. 10 න් පහළ)
1 නයිජල් ප්‍රනාන්දු - 44 + 41 = 85
2 මලීෂ හිරුශාන් - 47 + 39 = 86
3 ප්‍රභාත් ගුණෙෂන් - 49 + 49 = 98
ඡයාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.