Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයිස්වාල්ගෙන් ද්විත්ව ශතකයක්

ජයිස්වාල්ගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2024 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර විසාකාපට්නම්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී (3 වැනිදා) ඉන්දීය පළමු ඉනිම ලකුණු 396 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු යසස්වි ජයිස්වාල් හයේ පහර 7 ක් සහ හතරේ පහර 19 ක් සමග ලකුණු 209 ක් රැස්කළේය. ජයිස්වාල්ගේ මංගල ද්විත්ව ශතකය මෙය වූ අතර තවමත් ටෙස්ට් තරග 6 කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු ද්විත්ව ශතකයක්, ශතක 2 ක් සහ අර්ධ ශතකයක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 630 කි.

ශ්‍රෙයාස් අයියර් (27) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජයිස්වාල්, ඉන් නොනැවතී රජිත් පටීදාර් (32) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක්ද, අක්සර් පටේල් (27) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක්ද එක් කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජේම්ස් ඇන්ඩසන්, රෙහාන් අහමඞ් සහ ශොයිබ් බෂීර් කඩුලු 3 බැගින් බිඳහෙළීමට සමත් වූහ. එම කඩුල් 3 ත් සමග 184 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ඩසන්ගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 693 ක් දක්වා ඉහළ ගියේය. 


ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 396 
(යසස්වි ජයිස්වාල් 209, ශුබ්මන් ගිල් 34, ශ්‍රෙයාස් අයියර් 27, රජිත් පටීදාර් 32, අක්සර් පටේල් 27, ශීකර් භාරත් 17, රවිචන්ද්‍රන් අෂ්වින් 20, ජේම්ස් ඇන්ඩසන් 47/3, රෙහාන් අහමඞ් 65/3, ශොයිබ් බෂීර් 138/3) 

-036 


අදහස් (0)

ජයිස්වාල්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.