Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයන්ට්ස් - ග්ලැඩියේටර්ස් තරගය වැස්සට සේදෙයි
එල්.පී.එල්. - 2021

ජයන්ට්ස් - ග්ලැඩියේටර්ස් තරගය වැස්සට සේදෙයි

editorial - 2021 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ 8 වැනි තරගය ලෙස දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේරටර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගයේ වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් විය. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නතර කරන විට ලකුණු 160 ක ඉලක්කයක් හඹායමින් සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කී‍්‍රඩකයෝ  ඕවර 1.2 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 18 ක් ලබා සිටියහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 159 ක් ලබාගැනීමට සමත් විය. දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක දසුන් ශානක පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් රැස්කළේය. ධනංජය ලක්ෂාන්ගේ පන්දුවක් හමුවේ සුමින්ද ලක්ෂාන් විසින් රැකගන්නා ලද දක්ෂ උඩ පන්දුවක් හේතුවෙන් දසුන්ගේ ඉනිම නිමාවට පත් විය. 

දඹුල්ල ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැුදී සිටි රමේෂ් මෙන්ඩිස් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 33 ක් රැස්කළේය. ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 22 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක්ද, පිලිප් සෝල්ට් පන්දු 12 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 20 ක්ද ලබා සිටියදී දැවී ගියහ. 

ලකුණු 75 කට දඹුල්ල කණ්ඩායමේ කඩුලූ 5 ක් බිඳ දැමීමට ගෝල් ග්ලැඞ්යේටර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් ශානක සහ රමේෂ් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දඹුල්ල ඉනිමට නව ජවයක් එක් කළහ. එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් තුෂාර සහ නූර් අහමල් ප‍්‍රතිවාදීන්ට ලකුණු 24 බැගින් ලබාදෙමින් කඩුලූ 2 බැගින් දවාගත්හ. 

දඹුල්ල ජයන්ට්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 159 
(නිරෝෂන් දික්වැල්ල 30, පිලිප් සෝල්ට් 20, දසුන් ශානක 37, රමේෂ් මෙන්ඩිස් නොදැවී 33, නුවන් තුෂාර 24/2, නූර් අහමඞ් 24/2) 
 
ගෝල් ග්ලැඩියේරටර්ස් පිල -  ඕවර 1.2 කදී කිසිවකු නොදැවී 18  
(කුසල් මෙන්ඩිස් නොදැවී 15) 


අදහස් (0)

ජයන්ට්ස් - ග්ලැඩියේටර්ස් තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.