Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයග‍්‍රහණයේ වේදනාව නැවතත් සෙරීනාටම

ජයග‍්‍රහණයේ වේදනාව නැවතත් සෙරීනාටම

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජයග‍්‍රහණයෙන් වේදනා විඳින ජාත්‍යන්තර ටෙනිස් පිටියේ එකම කී‍්‍රඩිකාව වන සෙරීනා විලියම්ස් ඒ අත්දැකීමට නැවත වතාවක් මුහුණ දුන්නාය. ඒ ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී තම වැඩිමහල් සොහොයුරිය වන වීනස් විලියම්ස් ලකුණු 6-2, 1-6 සහ 6-3 ක් වශයෙන් පරාජය කරමිනි.


අද (බදාදා) අලූයම 4.30 ට පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් මෙම ජයත් සමගින් නැවත වතාවක් වසරේ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශුරතා හතරම දිනාගැනීම සම්පූර්ණ කිරීම සඳහා සෙරීනාට අවශ්‍යව ඇත්තේ තවත් ජයග‍්‍රහණ දෙකක් පමණි.


අවසන් පූර්ව වටයේදී සෙරීනා සමග තරග වදින රොබර්ටා වින්සි උත්සාහයන් 44 කට පසුව පළමු වතාවට ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින්නීය.


දෙදෙනා අතර මෙතෙක් පැවැති තරග 28 න් 16 ක්ම දිනා ගත්තේ වර්තමානයේ නොම්මර එකේ ටෙනිස් කී‍්‍රඩිකාව ලෙස වැජඹෙන සෙරීනාය. ඇගේ ප‍්‍රහාරාත්මක කී‍්‍රඩා රටාවේ රස බැලීමට සිදුවී ඇති වැඩිමල් සොයුරිය වීනස් දිනා ඇති තරග සංඛ්‍යාව 11 කි.


ග‍්‍රෑන්ඞ් ස්ලෑම් වාර්ෂික ටෙනිස් ශූරතා ගොන්නේ සිවුවැන්න හඹා යන සෙරීනා අමෙරිකාවේ බිලී ජීන් ටෙනිස් මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙවර තරගාවලියේ සිවුවැනි වටයේ දී මැඩිසන් කීස් ලකුණු 6-3ක් සහ 6-3 ක් ලෙස පරාජය කිරීමට සමත්වූවාය. එදිනම වීනස් විලියම්ස් ලකුණු 6-2 ක් සහ 6-1 කින් වශයෙන් ඇස්ටෝනියාවේ ඇනට් කොන්ටාවිට් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.


සිය 20 හැවිරිදි ප‍්‍රතිවාදී කී‍්‍රඩිකාව පරාජය කිරීමට සෙරීනාට විනාඩි 68 ක් ගතවිය. එහෙත් දෙනොගෙන් වැඩිමලී වන 35 හැවිරිදි වීනස් මේ තරගයේ දී 19 හැවිරිදි ඇනට්ව පරාජය කිරීමට ගත කළේ මිනිත්තු 50 ක් පමණි.


පසුගිය වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමෙන් පසුව මේ දක්වා සියලූම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා ජයගෙන සිටින්නේ සෙරීනාය. ඇගේ අපරාජිත්වය මේ තරගයේ දී කිසිදු ආකාරයක අභියෝගයකට ලක් නොවන බව විචාරකයන් දැනටමත් අනාවැකි පළකොට හමාරය.
”ඇයට අමුතුවෙන් ආයේ පුහුණුවෙන්න දෙයක් නෑ. මේ තරගය නොම්මර එකේ කි‍්‍රඩිකාව සහ නොම්මර 23 කි‍්‍රඩිකාව අතරයි” විචාරකයෝ එසේ කියති.


මෙවර ශූරතාව දිනාගැනීමට සෙරිනා සමත්වුවහොත් 1988 වසරෙන් පසුව එකම තරගවාරයක දී ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 4 ම දිනාගත් ලොව පළමු කී‍්‍රඩිකාව ලෙස සෙරීනා වාර්තාපොතට යන්නීය. අවසන් වරට 1988 දී මේ දස්කම පෑවේ ස්ටෙෆී ග‍්‍රාෆ්ය.


”මේක තරගයක්. ඇය අක්කා එක්කයි තරග කරන්නේ කියන එක අමතක කරන්න” සෙරීනාගේ පුහුණුකාර පෙම්වතා වන පැටි‍්‍රක් මොරටොග්ලෝ කීවේය.


එහෙත් එය එතරම් ලෙහෙසි පහසු කරුණක් නොවේ. පසුගිය විම්බල්ඩන් ශූරතාවලියේ දී ඇය සිය සොයුරිය පරාජය කළ බැව් සැබෑය. එහෙත් ඒ මොහොතේ ඇගේ සිතට දැනුණු වේදනාව පරාජයේ වේදනාවටත් වඩා වැඩි වූ බව සෙරීනා පසුව කියා සිටියාය. දැන් සෙරීනාට එම වේදනාව දෙවැනි වරටත් විඳින්නට සිදුව තිබේ.


එහෙත් විලියම්ස් පවුලේ දෘෂ්ටිකෝණයෙන් බලන කල මෙව වසරේ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 4 ම දිනාගැනීමට පවුලේ කෙනෙකුට ලැබෙන මහ`ගු අවස්ථාවකි. ඒ අනුව වීනස් පැරදුනත් කම් නැත.
කෙසේ වෙතත් මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ වයස්ගතම කී‍්‍රඩිකාවද වන වීනස්ට එරෙහිව බාල සොයුරිය තරග වදින අයුරු බලා සිටීම නම් විලියම්ස් පවුලේ සෙසු සාමාජිකයන්ට ද අමිහිරි අත්දැකීමකි.


”අපෝ ඔය මැච් එක බලන්න මම නම් යන්නෙ නෑ” විලියම්ස් සොයුරියන්ගේ මව ඔරේසිනේ ප‍්‍රයිස් කල්තබාම තීරණය කර තිබිණ.  

 

- 077

 


අදහස් (0)

ජයග‍්‍රහණයේ වේදනාව නැවතත් සෙරීනාටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.