Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජපානයට අලුත්ම සිහිනයක්

ජපානයට අලුත්ම සිහිනයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ පළමු වතාවට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සිහින මවන ජපානයේ ‘සමුරායි බ්ලූ‘ කණ්ඩායම වෙතින් පුදුම විය යුතු කිසිවක් තමා බලාපොරොත්තු නොවන බව අද (2 වැනිදා) පැවැත්වෙන තරගය ගැන සිහිපත් කරමින් බෙල්ජියමේ ‘රෙඞ් ඩෙවිල්ස්‘ පිලේ කළමනාකරු රොබේටෝ මාටින්ස් පවසයි.

සිය කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුව වන මෙවර තරගාවලියේ මෙතෙක් ගෝල 4ක්ම රැස් කර ඇති රොමේලූ ලුකාකු වැනි ක්‍රීඩකයන්ද, මාටින්ස්, ඊ හසාඞ් හා බැට්ෂුයි මෙන් විශ්වාසනීයත්වය පෙන්නුම් කරන ක්‍රීඩකයන්ද බෙල්ජියම් කණ්ඩායමේ ජයග්‍රහණය පතා අද තරග බිමට එක්වෙති.

රොස්ටොව් ඔන් ඩොන් හී පැවැත්වෙන මේ තරගයට බෙල්ජියම එක්වන්නේ අර්ධ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතැතිව බව බෙල්ජියමේ කළමනාකරු වැඩි දුරටත් කීවේය.

මීට පෙර ජපානය සමග සුහද තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති බෙල්ජියම හෙට ඔවුන්ගේ සියුම් පරික්ෂණයට මුහුණ දෙනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

“ඔවුන් ඉතා හොඳින් සංවිධානය වී සිටිනවා. තාක්ෂණිකව ගත්තොත් ජපානය ඉතා ශක්තිසම්පන්නයි. අපි හොඳ තරගයක් බලාපොරොත්තු වෙනවා. ඒත් ඔවුන්ගෙන් ඒ හැටි පුදුම වෙන්න දෙයක් සිදුනොවන බව ඒකාන්තයි”
ජපානය අවසන් 16 දෙනා අතරට ගෙන යාමට උර දුන් ෂින්ජි කගාවා, යූයා ඔසාකා, ටකාෂි ඉනියු සහ කයෙිසුකී හොන්ඩා හෙට තරගයේදී බෙල්ජියමට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත. එමෙන්ම ජපානයේ සුපිරි ක්‍රීඩක මායා යොෂීඩා හෙට තරගයට එක්වීමට නියමිත බැවින් බෙල්ජියම මේ ආසියානු කණ්ඩායම ගැන අවතක්සේරු කිරීම නොවටී.

“අපි කවදාවත් අර්ධ අවසන් පූර්ව වටයට ගිහින් නෑ. මේක අලුත් අභියෝගයක්. ඒත් මේ තරගය ජයගෙන ජපාන පාපන්දු ඉතිහාසය අලුතින් ලියන්නයි අපේ බලාපොරොත්තුව.... ලුකාකු විශිෂ්ට ක්‍රීඩකයෙක් බව මා දන්නවා. ඒත් මට විතරක් ඔහුව නවත්වන්න බෑ. කණ්ඩායමක් හැටියට අපි හැමෝම එකතුවෙලා සටන් කළොත් අවසන් අටදෙනා අතරට රිංගා ගැනිමට අපිට හැකිවේවි” යොෂීඩා එසේ කීවේය.

තරගය ගැන කවුරු කුමක් කීවත් බෙල්ජියමට වාසිදායකව එය නිමාවට පත්වනු ඇතැයිද, අර්ධ අවසන් පූර්ව වටයට ඔවුන් එක්වනු ඇතැයි ද අනාවැකි පළකරන්නෝ කියති. එහෙත් මෙවර ලෝක කුෂලාන  තරගාවලියේ මෙතෙක් දක්නට ලැබුණු ප්‍රතිඵල අනුව ජපානය අවතක්සේරු කළ නොහැක.


සැකසුම : මොහාන් ප්‍රනාන්දු

 


අදහස් (0)

ජපානයට අලුත්ම සිහිනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.