Last Update  :  2025-08-07 17:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඡායා පාර්ශ්වය ඉවත්වෙයි

ඡායා පාර්ශ්වය ඉවත්වෙයි

editorial - 2021 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

හෙට (20 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති තනතුර ඇතුළු තවත් ප්‍රධාන තනතුරු කිහිපයක් වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර සිටි කිහිප දෙනෙක් අද (19 වැනිදා) සිය නාමයෝජනා ඉවත්කර ගැනීමට නියමිත බව ඉතාම විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වේ. සභාපති තනතුර වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කර සිටි මොහාන් ද සිල්වා මහතා සහ ජයන්ත ධර්මදාස මහතාත් ඒ අතර සිටිති.

මෙවර ක්‍රිකට් නිලවරණයේදී සභාපති තනතුර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන නාමයෝජනාව වන ශම්මි සිල්වා මහතාගේ පාර්ශ්වයේ උප සභාපති තනතුරක් වෙනුවෙන්ද ජයන්ත ධර්මදාස මහතා නාමයෝජනා ඉදිරිපත් කර තිබිණ. හිටපු ලේකම්වරයා වන මොහාන් ද සිල්වා මහතා ශම්මි සිල්වා පාර්ශ්වයෙන් නැවත වරක් ප්‍රධාන ලේකම්ධූරයට නාමයෝජනා ඉදිරිපත් කළ අතර ඡායා පාර්ශ්වයෙන් සභාපති තනතුරටද අයැදුම්පත් යොමුකර තිබිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුවේ ප්‍රධානී, හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මාලනී ගුණරත්න මහත්මිය පැවසූ පරිදි නිලවරණය ආරම්භ වන අවස්ථාව දක්වාම නාමයෝජනා ඉල්ලා අස්කරගැනීමේ නිදහස අපේක්‍ෂකයන්ට තිබේ.

නාමයෝජනා ඉවත්කර ගැනීමේදී අදාළ නාමයෝජනාව ඉදිරිපත් කිරීමේදී ලියාපදිංචි කරන ලද විද්යුත් ලිපිනයෙන්ම එවනු ලබන විද්යුත් ලිපියකින් එම නාමයෝජනාව ඉවත් කරගත හැකිය. නැතහොත් කණ්ඩායමක් වශයෙන් අත්සන් කරනු ලබන ඒකාබද්ධ ලියවිල්ලක් නිලවරණ කමිටුව වෙත ගෙනැවිත් බාරදිය හැකිය.


නාමයෝජනා ඉවත්කරගැනීමට නියමිත ඡායා පාර්ශ්වය

සභාපති - මොහාන් ද සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු
උප සභාපතිවරු - නලීන් අපෝන්සු සහ සමන්ත දොඩන්වල යන මහත්වරු
ප්‍රධාන ලේකම් - බන්දුල දිසානායක සහ නලීන් අපෝන්සු යන මහත්වරු
උප ලේකම් - ශම්මි ප්‍රසන්න ගුණසේකර මහතා
භාණ්ඩාගාරික - සුජීව ගොඩලියැද්ද මහතා (මීට පෙර ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර තිබිණ)
උප භාණ්ඩාගාරික - ඒ. කුමාර මහතා

 


අදහස් (0)

ඡායා පාර්ශ්වය ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.