Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි පිලට ලකුණු 18 ක ජයක්

චෙන්නායි පිලට ලකුණු 18 ක ජයක්

editorial - 2021 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ෆෆ් ඩු ප්ලෙසීස් (නොදැවී 95) සහ රුටුරාජ් ගයික්වාඩ්ගේ (64) වේගවත් පිතිහරඹයන්, දීපක් චාහර් (29/4) සහ ලුන්ගි න්ගිඩිගේ (28/3) පන්දු යැවීමත් හේතුවෙන් මුම්බායිහිදී අද (21 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 15 වැනි තරගය ලකුණු 18 කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඕවර 19.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණි.

ලකුණු 31 කට කඩුලු 5 ක් දැවී තිබියදී 6 වැනි කඩුල්ල සඳහා එක්වූ ඔන්ඩි්‍ර රසල් සහ ඩිනේෂ් කාර්තික් පන්දු 36 කදී ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල වැටී තිබූ ආඝාධයෙන් ගොඩගැනීමට සමත්වූහ.

ඔන්ඩි්‍ර රසල් පන්දු 22 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 54 ක් රැස්කර සිටියදී දැවී ගිය අතර තවත් ලකුණු 34 ක් කොල්කටා පිලට එක්වන විට ඩිනේෂ් කාර්තික්ද දැවී ගියේය. පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරිමට ඩිනේෂ් කාර්තික් සමත්විය.

ඉන්පසු හුදකලා සටනක නිරතවූ පැට් කමින්ස් ජයග්‍රහණය කරා කොල්කටා පිල රැගෙන යාමට උත්සහ කළද අනෙක් අන්තයේ කඩුලු එකින් එක බිඳවැටීම නිසා තරගයේ පරාජය බාර ගැනීමට සිදුවිය. පන්දු 34 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 66 ක් රැස්කිරීමට පැට් කමින්ස් සමත්විය.

දීපක් චාහර් ලකුණු 29 කට කඩුලු 4 ක් සහ ලුන්ගි න්ගිඩි ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගනිමින් චෙන්නායි සුපර් කිංග්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 220 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ආරම්භයේ සිටම වේගවත් පිතිහරඹයක නිරතවූ රුටුරාජ් ගයික්වාඩ් දැවීයන විට පන්දු 42 කදි හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 64 ක් රැස්කර සිටියේය. ගයික්වාඩ් දැවී යාමෙන් පසුව ලකුණු රැස්කිරීමේ වේගය සියතට ගත් ෆෆ් ඩු ප්ලෙසීස් පන්දු 60 කදි හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 95 ක් ලබාගැනීමට සමත්විය.

පළමු කඩුල්ල සඳහා පන්දු 74 කදී ලකුණු 115 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් චෙන්නායි සුපර් කිංග්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට රුටුරාජ් ගයික්වාඩ් සහ ෆෆ් ඩු ප්ලෙසීස් සමත්වූහ.

කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ නායක ඔයින් මෝගන් පන්දු යවන්නන් 6 දෙනෙකු යොදාගත් නමුත් පිතිකරුවන් හමුවේ ඔවුන් දැඩි ප්‍රහාරයකට ලක්වූහ.

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 220
(රුටුරාජ් ගයික්වාඩ් 64, ෆෆ් ඩු ප්ලෙසීස් නොදැවී 95, මොයින් අලී 25)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී 202
(දිනේෂ් කාර්තික් 40, ඔන්ඩි්‍ර රසල් 54, පැට් කමින්ස් නොදැවී 66, දීපක් චාහර් 29/4, ලුන්ගි න්ගිඩි 28/3)


අදහස් (0)

චෙන්නායි පිලට ලකුණු 18 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.