Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාජාහිදී අද (24 වැනිදා) පැවැති 35 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල තවත් පන්දු 11 ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
ආරම්භක පිතිකරුවන් වූ රුතුරාජ් ගයික්වාඞ් සහ ෆෆ් ඩු‘ප්ලෙසීස් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 50 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ.
රුතුරාජ් ගයික්වාඞ් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 38 ක් ලබාගත් අතර ෆෆ් ඩු‘ප්ලෙසීස් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 31 ක් ලබාගැනීමට සමත්විය. මොයින් අලී පන්දු 18 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 18 ක් ද, අම්බති රයිදු පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 32 ක් ලබාගනිමින් චෙන්නායි පිලේ ජයග්‍රහණය සඳහා දායක විය.
බැංගලෝර් පිලේ නායක විරාට් කෝලී පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගී කරගත්තද චෙන්නායි පිලේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර අයි.පී.එල් තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයකු වන වනිඳු හසරංග ඕවර 4 ක් යවමින් ලකුණු 40 ක් ලබාදුන් අතර කඩුල්ලක් දවාගැනීමට ඔහුට නොහැකිවිය.
කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 156 ක් පමණි.
ආරම්භක පිතිකරුවන් වූ විරාට් කෝලී සහ දෙව්දූත් පඩික්කල් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට නොහැකිවිය.
විරාට් කෝලී පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 53 ක් ලබාගත් අතර දෙව්දූත් පඩික්කල් පන්දු 50 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 70 ක් ලබාගැනීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 80 කදී ලකුණු 111 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්වූහ.
සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකළ ඞ්වයින් බ්‍රාවෝ කඩුලු 3 ක් දවාගත් අතර ශර්දුල් ඨාකූර් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
බැංගලෝර් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 156
(විරාට් කෝලී 53, දෙව්දූත් පඩික්කල් 70, ඞ්වයින් බ්‍රාවෝ 24/3, ශර්දුල් ඨාකූර් 29/2)
චෙන්නායි - ඕවර 18.1 කදී කඩුලු 4 ක් දැවී 157
(රුතුරාජ් ගයික්වාඞ් 38, ෆෆ් ඩු‘ප්ලෙසීස් 31, මොයින් අලී 23, අම්බති රයිදු 32, හර්ෂල් පතෙල් 25/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.