Last Update  :  2025-07-25 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි නායකත්වයෙන් දෝනි ඉවත්වෙයි
අයි.පී.එල් ක්‍රිකට්

චෙන්නායි නායකත්වයෙන් දෝනි ඉවත්වෙයි

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් මහේන්ද්‍ර සිං දෝනි ඉවත් වී තිබේ. ඒ  සමගින් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රවින්ද්‍ර ජඩේජාට හිමිවනු ඇත. 

තරඟාවලියේ ආරම්භයේ සිට කණ්ඩායමට නායකත්වය දුන් දෝනි, චෙන්නායි සුපර් කිංග්ස් පිලට තහනමක් පැනවූ වසර දෙක හැර පසුගිය වසර දක්වාම කණ්ඩායම මෙහෙයවීය. 

“දෝනි මෙම තරගාවලියේදී වගේම ඉන් ඔබ්බටත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනවා” යැයි සුපර් කිංග්ස් නිල වෙබ් අඩවියේ නිවේදනය කර ඇත.

අයි.පී.එල්. ශූරතා 4 ක් දිනා දීමට කණ්ඩායම මෙහෙයවූ දෝනිට නායකත්වය වෙනත් අයකුට ලබාදීමට අවශ්‍ය වූවා. ඒ සඳහා ජඩේජා සූදානම් බවත් ඔහුට හැඟී ගොස් තිබුනා. සංචිතය පුහුණුවීම් සඳහා පිටත්ව යාමට පෙර අද (24 වැනිදා) තිබුණු කණ්ඩායම් රැස්වීමේදී දෝනි මෙම තීරණය අපිට කිව්වා” යැයි චෙන්නායි සුපර් කිංග්ස් පිලේ විධායක නිලධාරී කාසී විශ්වනාදන් මහතා පැවසීය.

අයි.පී.එල්. තරගාවලියේ වත්මන් ශූරයන් වන චෙන්නියා සුපර් කිංග්ස් පිල මෙම මස 26 වනදා කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව තරඟාවලිය ආරම්භ කරමින් මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පිටියට පිවිසෙනු ඇත.

“දෝනි ඒ ගැන කල්පනා කරමින් සිටියා. ”ජඩ්ඩුට (ජඩේජා) නායකත්වය දීමට සුදුසුම කාලය මෙය බව ඔහුට හැඟී ගොස් තිබුණා. ජඩ්ඩු මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛස්ථානයේ සිටින බැවින් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායකත්වය දීමට සුදුසුම කාලය බව ඔහු තීරණය කර තිබුනා” යැයි විශ්වනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.

මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේෂ් රයිනාට පසුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙහෙයවන තෙවැනි ක්‍රීඩකයා බවට රවින්ද්‍ර ජඩේජා පත්වනු ඇත.

- 2079

 


අදහස් (0)

චෙන්නායි නායකත්වයෙන් දෝනි ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.