Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමෝදි - දෙව්මි ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල දිනවති

චමෝදි - දෙව්මි ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල දිනවති

editorial - 2024 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා, ඕස්ටේ්‍රලියා සහ එංගලන්ත වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් තරගාවලිය යටතේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තරගයකදී එංගලන්ත වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 108 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට චමෝදි මුණසිංහගේ සහ දෙව්මි විජේරත්නගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 23.3 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 118 ක් පමණි. එහිදී චමෝදි ලකුණු 42 කට කඩුලු 5 ක්ද, දෙව්මි ලකුණු 43 කට කඩුලු 4 ක්ද බිඳහෙළමින් දස්කම් දැක්වූහ.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම ඕවර 48.4 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 226 ක් රැස්කළේය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ රෂ්මිකා සෙව්වන්දි පන්දු 58 කින් ලකුණු 59 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි. 

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංජනා කාවින්දි (27) සහ සුමුදු නිසංසලා (27) ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. කණ්ඩායමේ මැද පෙළ සවිමත් කළ මනුදි නානායක්කාර (25) සහ දෙව්මි විජේරත්න (25) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 54 ක් එක් කළහ. 

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා පිල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 226  
(සංජනා කාවින්දි 27, සුමුදු නිසංසලා 27, මනුදි නානායක්කාර 25, දෙව්මි විජේරත්න 25, රෂ්මිකා සෙව්වන්දි 59, රෂ්මි නේත්‍රාංජලී 17, ක්‍රිස් පැව්ලි 16/2, අමූ සුරේන්කුමාර් 21/2, සොපියා ස්මේල් 34/2)  

එංගලන්ත වයස 19 න් පහළ කාන්තා පිල - ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 118 
(ජෝඩි ග්‍රීව්කොක් 26, අමු සුරේන්කුමාර් 25, චමෝදි මුණසිංහ 42/5, දෙව්මි විජේරත්න 43/4) 


අදහස් (0)

චමෝදි - දෙව්මි ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.