Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පන්දු යවන්නන් අතර ස්ථාන 39 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත්ව සිටියි. ශ්‍රේණිගත ලකුණු 533 ක් ලබා සිටින චමීර මේ වන විට එක්දින පන්දු යවන්නන් අතර 33 වැනි ස්ථානයේ පසුවේ.
අවසන් වරට බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී කඩුලු 9 ක් දවාගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් චමීර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇත. එම තරගාවලියේ පළමු තරගයේදී ඕවර 8 ක් යවා ලකුණු 39 කට කඩුල්ලක් දවාගත් ඔහු, දෙවැනි තරගයේදී නිලකුණු ඕවර 2 ක් සමග ඕවර 9.1 ක් යවා ලකුණු 44 කට කඩුලු 3 ක්ද, තෙවැනි තරගයේදී නිලකුණු ඕවරයක් සමග ඕවර 9 ක් යවා ලකුණු 16 කට කඩුලු 5 ක්ද බිඳහෙළීය.
එහිදී ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගැනීම එක්දින තරගයකදී චමීරගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර මේ වන විට ඔහු ලබා සිටින ශ්‍රේණිගත ලකුණු 533 ද ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ මේ දක්වා ලබාගෙන ඇති ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් වේ.
චමීරට අමතරව ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ස්ථාන 18 ක් ඉදිරියට පැමිණෙමින් එක්දින පන්දු යවන්නන් අතර 51 වැනි ස්ථානයේද, පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා ස්ථාන 12 ක් ඉදිරියට පැමිණෙමින් 80 වැනි ස්ථානයේදී රැදී සිටිති. බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ඔවුන් දෙදෙනාම කඩුලු 3 බැගින් දවාගත්හ.
එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නා වන පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ස්ථාන 2 ක් පසුබැස ඇති අතර බංග්ලාදේශ තරගාවලියේදී එක් තරගයකට හෝ ක්‍රීඩා නොකළ ඔහු මේ වන විට 23 වැනි ස්ථානයේ පසුවේ. එම තරගාවලියට සහභාගි නොවූ වේග පන්දු යවන ක්‍රීඩකයන් වන නුවන් ප්‍රදීප් ස්ථාන 3 ක්ද, සුරංග ලක්මාල් ස්ථාන 5 ක්ද පසුබසිමින් පිළිවෙලින් 54 වැනි සහ 64 වැනි ස්ථානවල රැදී සිටිති.
මේ අතර එක්දින පිතිකරුවන් අතර ස්ථාන 13 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායක කුසල් පෙරේරා සමත්ව සිටියි. මේ වන විට ඔහු ශ්‍රේණිගත ලකුණු 566 ක් ලබා සිටින අතර එය ඔහු සිය ක්‍රීඩා දිවිය තුළ මේ දක්වා ලැබූ ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවද වේ. බංග්ලාදේශ තරගාවලියේදී ශතකයක්ද සමගින් ලකුණු 166 ක් රැස්කිරීමට කුසල් සමත් විය. කුසල්ට අමතරව ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 48 වැනි ස්ථානයටද, මැද පෙළ පිතිකරු ධනංජය ද සිල්වා ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමින් 85 වැනි ස්ථානයටද පත්ව සිටිති.
කෙසේ වුවත් බංග්ලාදේශ තරගාවලිය සඳහ සහභාගි නොවූ ඇන්ජලෝ මැතිව්ස් (41) ස්ථාන 2 ක්ද, අවිෂ්ක ප්‍රනාන්දු (66) ස්ථාන 2 ක්ද, ළහිරු තිරිමාන්න (84) ස්තාන 3 ක්ද, දිනේෂ් චන්දිමාල් (95) ස්ථාන 3 ක්ද පසුබැස ඇත. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව උප නායකයා ලෙස පත් වූ කුසල් මෙන්ඩිස්ද ස්ථාන 2 ක් පසුබසිමින් ශ්‍රේණිගත කිරීම්හි 50 වැනි ස්ථානයේ රැදී සිටියි. නිරෝෂන් දික්වැල්ලගේ ස්ථානයේ වෙනසක් සිදුවී නොමැති අතර බංග්ලාදේශ තරගාවලියේ එක් තරගයකට පමණක් ක්‍රීඩා කළ ඔහු එක්දින පිතිකරුවන් අතර 58 වැනි ස්ථානයේ පසුවේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.